රුපියල් කෝටියක වියදමින් ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මෙම කෞතුකාගාරය ඉදිවේ.
මෙම අවස්ථාවට එක් වූ වයඹ ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, වයඹ පළාතේ ප්‍රධාන වශයෙන් රාජධානි 4ක් තිබෙනවා. මේ වන විට කැණීම් කටයුතු මඟින් තවත් අනු රාජධානි 2ක් වාරියපොළ සහ බතලගොඩ වැව ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙනවා. අපේ පළාතේ තියන ඓතිහාසික රාජධානිවලින් අපි ප්‍රයෝජන ගත යුතු වෙනවා. අපේ දායකයින්ගෙන් විතරක් නෙවෙයි අපේ රටට එන සංචාරකයොත් අපේ රාජධානිවලට අපේ උරුමයන් දැක බලාගන්න ගෙන්න ගන්න වැඩපිළිවෙළක් අපි සකස් කරගෙන යනවා. ඒ තුළින් ආදායමක් ගමට ලැබෙන්න ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගෙන්න අවශ්‍යයි. මම මේ දඹදෙණියේ විහාරස්ථානයේ වාහල්කඩ හදන්නත් තව ලක්ෂ 18ක මුදලක් වෙන් කරනවා.
මෙච්චර කාලයක් අපේ පන්සලේ හාමුදුරුවෝ මේ කෞතුක භාණ්ඩ ටික තමන්ගේ සංඝාවාසයේ තියාගන ආරක්ෂා කර ගත්තා. මම ඒක දැක්කට පස්සේ තමයි තීරණය කළේ කෞතුකාගාරය හදන එක ගැන. කුරුණෑගල රාජධානිය කොහෙද තියෙන්නේ කියලාවත් ගොඩක් අය දන්නේ නැහැ. රාජධානියේ ගල් කණු එක එක අයගේ ගෙවල්වල. මම ඒවා ආපහු ගෙන්නන්න අවශ්‍ය කටයුතු ටික කරනවා. කුරුණෑගල, දඹදෙණිය, පඬුවස්නුවර, යාපහුව රාජධානි නැවතත් ප්‍රතිසංස්කරණය කරලා සංචාරකයෝ අපේ පළාතෙත් රඳවාගන්න වැඩපිළිවෙළ අපි දැන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මගේ කාලවකවානුව තුළ මම ඒ වැඩ ටික පිළිවෙළක් කරලා සංචාරක කර්මාන්තයත් නගාසිටුවන්න ක්‍රියා කරනවා.
මෙම අවස්ථාවට සංඝරත්නය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, දඹදෙණිය රජමහා විහාරයේ දායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ECB