මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය කොළඹ වරාය නගරයට අසත්‍ය චෝදනා එල්ල කරනවා

    ඔක්තෝබර් 09, 2014
    ශ්‍රී ලංකා භූමියේ අයිතිය විදේශීය ධන කුවේරයන්ට විකුණා දැමීමට පිඹුරුපත් සකස් කළේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මිස වත්මන් ආණ්ඩුව නොවන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. 
     
    ගාලු කොටුව තුළ පිහිටි ඉඩම් මෙන් ම වර්තමානයේ දියත උද්‍යානය පිහිටි ඉඩම ඇතුළු රටේ වටිනා ඉඩම් විදේශීය ධන කුවේරයන්ට සින්නක්කරයට ගත හැකි පරිද්දෙන් නිතී සකස් කළ පිරිස් අද වත්මන් ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, වැල්ලවත්ත මයුර පෙදෙස “ලක්මුතු සෙවණ” මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.
     
    "අද මේ රට හුස්ම ගන්නේ ත්‍රස්තවාදය, අස්ථාවර භාවයත් එක්ක නොවන බව ඔබ දන්නවා. අද මේ රට හුස්ම ගන්නේ ජාතිය දශක ගණනාවක සිට බලාපොරොත්තුවෙන් සිටි සංවර්ධනය නැමති මහා සිහිනයත් සමගින් බව පැහැදිලියි. ඒ සිහිනය දුප්පතුන් නොසලකා හරින ලද සිහිනයක් නෙවෙයි. ඒ සිහිනය දෙමළ, මුස්ලිම් ජනතාවට අයත් නොවන සිහිනයකුත් නෙවෙයි. නමුත් විරුද්ධ පක්ෂයේ මහත්වරු, වරාය පාමුල ඉදිකෙරෙන එම මහ නගරය පෙන්නලා කියන්නේ මේ නගර හැදෙන්නේ දුප්පතුන්ට නො ව මහ ධන කුවේරයන්ට විතරයි කියලා. එදා මේ රටේ භූමියේ අයිතිය විදේශිය ධන කුවේරයින්ට සින්නක්කරයට ගත හැකි පරිද්දෙන් නිතී හැදුවේ කවුද කියලා. වරාය පාමුල මුහුද ගොඩකරලා හදන එම නගරය, චීන ආයෝජකයෝ ලව්වාම ගොඩරලා, ඒ පිරිස ලව්වාම හදන නගරයක්. එමෙන් ම තිබුණු ප්‍රමාණයට වඩා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයත් වැඩිකරගෙන හදන මේ මහා නගරය පෙන්නලා විරුද්ධ පක්ෂයේ මහත්වරු කියන්නේ ධන කුවේරයන්ට විතරක් රට හැදෙනවා කියලා".
     
    අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ගොඩනැගෙන සෑම මහල් නිවාස සංකීර්ණයකම සිංහල, දෙමළ, මුස්ලිම් තුන්ගොල්ලන්ටම ජීවත්වීමේ අයිතිය අපි ලබාදීලා තියෙනවා. දෙමළ, මුස්ලිම් කියලා නොදී හිටියෙත් නැහැ. සිංහල කියලා වැඩියෙන් දුන්නෙත් නැහැ.
     
    නුසුදුසු නිවාසවල ජීවත්වන හැටදාහසක පිරිසක් 2016 වර්ෂය වන විට විධිමත් මහල් නිවාස සංකීර්ණයන් හි පදිංචි කරවන්න මේ රජය කටයුතු සංවිධානය කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වැඩසටහන මනා ලෙස සංවිධානය කරනවා. එදා යුධ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම ජාතීන් එකට එක්ව සිටිය පරිද්දෙන් ම මේ සංවර්ධනය නැමැති අභියෝගය ජයගැනීම සඳහාත් අපි සියලු දෙනා ම එකට එක් ව කටයුතු කිරීමයි මෙතැනදි වැදගත් වෙන්නේ.
     
    නොඑන ආණ්ඩුවක් දිහා බලා නො ඉඳ තිබෙන ආණ්ඩුව මඟින් කොළඹ හදන, ලස්සන කරන වැඩසටහන මේ රජය මඟින් දියත් කර තිබෙන බවත් ඒ නිසා තියෙන රජයත් සමඟ අත්වැල් බැඳගනිමින් ජාතියට ජයග්‍රහණ අත්කරදීම උදෙසා ජාති, ආගම් භේදයෙන් තොරව සැවොම අත්වැල් බැඳගනිමු යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya