මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩුබද්දාව ප්‍රදේශයේ සංවර්ධනය කළ මාර්ග ජනතා අයිතියට

    ඔක්තෝබර් 09, 2014
    උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ  ලක්ෂ 5 බැගින් වියදම් කර කුට්ටිගල් අතුරා සංවර්ධනය කළ නව මාර්ග රැසක් වයඹ ප්‍රධාන අමාත්‍ය අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතින් (05 ) ඊයේ ජනතා අයිතියට පත් කෙරිණ.

    ගොරොක්ගස්ආගාර හේනයාය මාර්ගය, හබරාවැව නව මාර්ගය, ඇතුන්ගහකොටුව වෙල්යාය මාර්ගය, පලුගමුව සුසානභූමිය මාර්ගය, දුම්මලසුරිය කොරයාවත්ත මාර්ගය, බිබිලාදෙනියගම ශාලාව මාර්ග මෙසේ ජනතා අයිතියට පත්වූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

     මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “මම ප්‍රධාන අමාත්‍යවරයා විදියට පත්වෙනකොට පළාත් සභාවේ මිලියන 1140යි  තිබුණේ වියදම් කරන්න. කවුරු ආවත් ඒක වියදම් වෙනවා. මේ අවුරුද්දේ මුදල්වලට අමතරව තවත් මිලියන 1580ක් ගත්තා සංවර්ධන කටයුතුවලට. ඒ වගේ ම ලක්ෂ 900ක් යොදවලා පළමුවෙන් ම  වයඹ පළාතේ ජලය නැති පාසල් 216ක් සංවර්ධනය කරලා ජලය ලබා දෙන්න කටයුතු කළා. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය  වෙනකොට ඒ සියලු ම පාසල්වලට ජලය දෙනවා. ඒ වගේ ම පොල් අතු සෙවිලිකළ ගොඩනැගිලි සහිත පාසල් 46ක් ස්ථීර ගොඩනැගිලි සහිතව සංවර්ධනය කළා. තවත් 29ක් ලබන අවුරුද්දේ හදනවා. සතිපොළවල් 40 ඉදිවෙනවා, ගුරු විවේකාගාර 31ක් ඉදිකරන්න ආරම්භ කළා. මේ සියලු ම සංවර්ධන කටයුතු මට අවුරුද්දක් ඇතුළත කරන්න පුළුවන් වුණා. ඒ වගේ ම ගුරුවරු 1200ක් මේ අවුරුද්දේ බඳවා ගත්තා. ලබන අවුරුද්දේ තවත් 1000ක් බඳවා ගන්නට කටයුතු සුදානම් කරනවා. මම තමුන්නාන්සේලා ළඟට ආවේ වැඩක් කරලා කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් විදියට. මේ උඩුබද්දාවේ පාරවල් සංවර්ධනය වෙනවා වගේ ම වයඹ පළාතේ පාරවල් 220ක් ඉදිවෙනවා. මිලියන 4000කට අධික සංඛ්‍යාවක අපි පළාතේ සංවර්ධන කටයුතු  කරලා තියනවා.
     
    මෙම අවස්ථාවට  උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපති රාජ් සිසිර, උපසභාපති චන්දිම රන්දෙණිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන හරිශ්චන්ද්‍ර හේරත්, ජගත් ජීවන්ත සහ එම්.රිෂාඩ් යන මහත්වරු සහභාගී වූහ. 

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya