ඒ අනුව මෙතෙක් කලක් 40 %ක් ව පැවති ඩෙල්ෆ් දූපතේ විදුලි සැපයුම 100%ක් බවට පත්කරමින්, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් වන විදුලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම 14දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ඩග්ලස් දේවානන්දා මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.
මේ යටතේ රුපියල් ලක්ෂ හයසියයක් වැය කරමින්, පවුල් 1082ක් ආවරණය පරිදි මෙම විදුලි ව්‍යාපෘතිය ඉදිකර තිබේ. ව්‍යාපෘතිය කොටස් 03 කින් සමන්විත වන අතර ඩෙල්ෆ් දූපතේ නැගෙනහිර, බටහිර සහ මධ්‍ය ප්‍රදේශයන් ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක වේ.
DB