මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්තල බෙස්ට් ලයිෆ් සංචාරක නිවාඩු නිකේතනය විවෘත වෙයි

    ඔක්තෝබර් 09, 2014

    හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පරිසර හිතකාමී බෙස්ට් ලයිෆ් සංචාරක ආකර්ෂණීය නිවාඩු නිකේතනයක් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ විවෘත කෙරිණි.


    වසර 2016 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25ක් බවට පත්කර ගැනීමේ ඉලක්කය සහිත සංචාරක අංශයේ නවෝදයක් ඇති කිරීමේ අරමුණින් මේ නිවාඩු නිකේතනය ඉදිකොට තිබේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට සංචාරක ආකර්ෂණීය කලාපයක් බවට පත්කිරීමට සැලසුම් කොට ඇත. එම සැලසුම වඩාත් ඵලදායි හා සාර්ථක එකක් බවට පත්කිරීමට මේ නව නිවාඩු නි‍කේතනය ඇතුළු ආයතන බිහිවීම වැදගත් බව මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, බෙස්ට් ලයිෆ් ආයතනයේ සභාපති ආචාර්ය දමින්ද උපාලි ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya