මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර වී වගාව සඳහා 2014/2015 මහ කන්නයට මිලියන 219ක පොහොර

    ඔක්තෝබර් 08, 2014
    ‘කෙතට අරුණ‘ වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ වී වගාව සඳහා 2014/2015 මහ කන්නය සඳහා රුපියල් මිලියන 219.5 ක සහනාධාර පොහොර අනුමතකර තිබේ. 
     
    යූරියා මෙට්රික් ටොන් 2053.47ක් ටී.එස්.පී. මෙට්රික් ටොන් 667.77ක් සහ එම්.ඕ.පී. මෙට්රික් ටොන් 1253.75ක් වශයෙන් මෙට්රික් ටොන් 3974.99ක පොහොර ඒ අතර වේ.
     
    මෙවර මහ කන්නය සඳහා වගා කිරීමට අපේක්ෂිත මහා වාරිමාර්ග කුඹුරු හෙක්ටයාර 3436ක්, සුළු වාරිමාර්ග කුඹුරු හෙක්ටයාර 3614ක් සහ වර්ෂා පෝෂිත කුඹුරු හෙක්ටයාර 7880ක් වශයෙන් කුඹුරු හෙක්ටයාර 14930ක් වෙනුවෙන් මෙම පොහොර ප‍්‍රමාණය අනුමත කර තිබේ.
     
    රුපියල් මිලියන 219.5 වෙළෙඳපොළට වටිනාකමක් සහිත මහ කන්නයේ පොහොර සඳහා රජය රුපියල් මිලියන 191.7ක මුදලක් වැය කරන අතර ගොවි ජනතාවගෙන් රුපියල් මිලියන 27.8ක මුදලක් අය කිරීමට නියමිත ය.
     
    මේ දිනවල මාතර දිස්ත‍්‍රික්කයට ලැබෙන වර්ෂාපතනය අනුව ඉදිරි කන්නය සඳහා අපේක්ෂිත මෙම ඉලක්කය සපුරාගත හැකි වෙතැයි බලාපොරොත්තු වන ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya