නැගෙනහිර පළාත් කෘෂිකර්ම, පශු සම්පත්, සත්ත්ව නිෂ්පාදන, ග්‍රාමීය කර්මාන්ත, සංචාරක හා ධීවර අමාත්‍යාංශය මඟින් මේ ප්‍රදර්ශනය මෙහෙයවනු ඇත.
නව වී ප්‍රභේද, රසායනික ද්‍රව්‍ය හා පොහොර වර්ග, තෘණ නිෂ්පාදන, අත්යන්ත්‍ර, පේෂකර්ම හා අත්කම් භාණ්ඩ නිෂ්පාදනය, ධීවර උපකරණ හා එහි ක්‍රියාකාරිත්වය, සංචාරක කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීම් මෙහිදී සිදු කරනු ඇත.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය නජීබ් අබ්දූල් මජීඩ් යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර මහජනතාවට ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට අවස්ථාව ඇත.
NDH