මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ට පහසු ගෙවීමේ ක්‍රමවේද යටතේ පරිගණක

    ඔක්තෝබර් 08, 2014
    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, Dell සහ e-wis පරිගණක ආයතන intel තාක්ෂණය හා එක් ව රාජ්‍ය සේවකයන් සඳහා පහසුගෙවීමේ ක්‍රමවේද යටතේ සහනදායී මිලට පරිගණක ලබාදීමේ "රාජ්‍ය මෙහෙවර" වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා ඇත.
     
    මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (09) දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4.00ට වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වේ.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අනාගත ශ්‍රී ලංකාවේ දැනුම් කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් සිදු කරනු ලබන රාජ්‍ය මෙහෙවරට සවිබල එක්කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සහන සැලසීමේ පුරෝගාමීයා ලෙස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාන විසින් මෙම වැඩසටහන හඳුන්වාදී ඇත.
     
    මෙම අවස්ථාවට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya