මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාරිස්පත්තුවේ ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 80ක්

    ඔක්තෝබර් 08, 2014
    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සිට දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් ආරම්භ කර තිබෙන ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හා මහජන ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 80ක් වෙන් කරමින් එහි මූලික ඉදිකිරීම් කටයුතු ඇරඹීම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ දී සිදු කෙරිණි.
     
    මෙහිදී බොකලවෙල ක්‍රීඩාපිටිය, ගොඩපොළ වත්ත ක්‍රීඩාපිටිය, නාරංගොඩ ක්‍රීඩාපිටිය, රුවන්පුර ක්‍රීඩාපිටිය, මහතැන්න ක්‍රීඩාපිටිය, යටිහලගල ක්‍රීඩාපිටිය, බෝගහකන්ද ක්‍රීඩාපිටිය, වරාතැන්න ක්‍රීඩාපිටිය යන ක්‍රීඩාපිටිවල වැඩ ආරම්භ කිරීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදුවිය.
     
    දිවයිනේ සෑම පාසල් සිසුවෙකුට ම ක්‍රීඩාව අනිවාර්යය කර තිබෙන බැවින් පාසල් ක්‍රීඩා සංවර්ධනය කිරීම අනිවාර්ය කටයුත්තක් ලෙස සලකා දිවයිනේ සෑම පාසලකට ම උපරිම රුපියල් ලක්ෂ 5ක ක්ෂණික වැය ඇස්තමේන්තුවක් යටතේ කුඩා ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය සඳහා ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන අතර දිවයිනේ තෝරාගත් පාසල් සඳහා ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 200ක් මේ වනවිටත් වැය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මහතා හා මධ්‍යම පළාත් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya