මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කෙටි කාලීන පාඨමාලා රැසක්

    ඔක්තෝබර් 08, 2014
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එක්දින වැඩමුළු රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
     
    ඒ අනුව පානීය ජලය බෝතල් කිරීම, පැණි බූන්දි/ සීනි කූරු සහ පුහුල් දෝසි නිෂ්පාදනය, විජලීකෘත එළවළු සහ කොස් නිෂ්පාදනය, චිලීපේස්ට් සහ උම්බලකඩ සම්බෝල නිෂ්පාදනය, බිම්මල් වගාව, ක්ෂණික පලතුරු බීම නිෂ්පාදනය, සාමාන්‍ය සහ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය, කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සහ අත්කඩදාසි නිෂ්පාදනය, යෝගට් නිෂ්පාදනය, වටලප්පන්/ කැරමල් පුඩිං/ මිල්ක් පුඩිං/ මාෂ්මෙලෝස් පුඩිං සහ හකුරු පුඩිං නිෂ්පාදනය, සාමාන්‍ය සහ විසිතුරු සිමෙන්ති මල් පෝච්චි නිෂ්පාදනය, බනානා චිප්ස් නිෂ්පාදනය ආදී වශයෙන් කෙටි කාලීන පාඨමාලා රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. 
     
    මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු දුරකතන අංක 0112 605 278 ඔස්සේ හෝ අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අංක 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව යන ලිපිනයෙන් තොරතුරු විමසිය හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya