මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභාවේ නව සැසිවාරය හෙට ඇරඹේ

    ඔක්තෝබර් 08, 2014

    ඌව පළාතේ හය වන පළාත් සභාවේ පළමු සැසිවාරය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) එම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරේ.


    2014 ඌව පළාත් සභා මැතිවරණයෙන් තේරී පත්වූ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් මේ සඳහා සහභාගි වීමට නියමිතය. මෙදින පෙ.ව.10.09ට යෙදන සුබ මොහොතින් සිය ධූරයේ වැඩ ආරම්භ කරන ප්‍රධාන අමාත්‍යවරයා ඉන් පසු සියලු මහජන නියෝජිතයන් සමඟ සභා රැස්වීමට සහභාගී වේ. 

    මේ අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ද සහභාගි වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya