මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයට නිධන් වස්තු ලබාදීමේ අවස්ථාව මහජනතාවටත්

    ඔක්තෝබර් 07, 2014
    අනුරාධපුරයේ ඉදිවන සඳහිරු සෑයට නිධන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාව සැදැහැවතුන් උදෙසා ද ලබාදීමට කටයුතු යොදා ඇතැයි ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
     
    මීට අමතර ව නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයට සමගාමීව එම සතිය පුරා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට ද අවස්ථාව සලසා දීමට ක්‍රියාකරන බව ද පෙන්වා දුන් උන්වහන්සේ නොවැම්බර් 22දා භික්ෂු විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ස්තූප පිළිබඳ ව ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමට නියමිත බව ද පැවසීය.
     
    තවත් වසර 2 1/2ක් වැනි කෙටි කාලයක් තුළ දී සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවෙතැයි විශ්වාසය පළ කළ හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් පාලිත ප්‍රනාන්දු මහතා මෙම චෛත්‍ය උසින් අඩි 280ක් වට අඩි 202ක් තරම් විශාල වන අතර ම එය ශ්‍රී ලංකාවේ චෛත්‍ය අතුරින් සිව්වන විශාලත ම චෛත්‍ය බවට පත් වන බවත් පෙන්වා දුන්නේය.
     
    සෙසු චෛත්‍යයන්ගේ දක්නට ලැබෙන ඇත් පවුර වෙනුවට මෙහි ශිලා කැටයම් සහිත ශෛලමය කලාගාරයක් නිර්මාණය වන බවත් ප්‍රකාශ කළ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya