මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කිරි ගොවීන්ට උපහාර දැක්වීම ඇමති බැසිල්ගේ ප‍්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 07, 2014
    නෙස්ලේ ලංකා සමාගම මෙරට නිෂ්පාදන කටයුතු  ආරම්භ කර සහ දේශීය කිරි ගොවීන්ගෙන් කිරි එකතු කිරීම ආරම්භ කර වසර 30ක් ගතවීම නිමිති කොටගෙන සිය නිෂ්පාදන කටයුතු සඳහා දායකවන දේශීය කිරි ගොවීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පසුගිය දින පවත්වනු ලැබීය. 
     
    1984 වසරේ දී නෙස්ලේ ලංකා සමාගම සිය නිෂ්පාදන කටයුතු මෙරටේ ආරම්භ කර ඇත. දෛනිකව දේශීය කිරි ගොවීන් 18,000ක ප‍්‍රමාණයකින් කිරි ලීටර් ලක්‍ෂ 2ක් පමණ එකරැස් කරන නෙස්ලේ සමාගම ඒ වෙනුවෙන්  වාර්ෂිකව කිරි ගොවීන් සඳහා ගෙවනු ලබන මුදල රුපියල් බිලියන 3.5කට අධිකය. 
     
    දැනට අප රටේ පුද්ගලික අංශයේ සමාගම් අතුරින් වැඩි ම කිරි ප‍්‍රමාණයක් එකතු කරනු ලබන්නේ නෙස්ලේ සමාගම විසිනි. උතුරු පළාතේ ඇතුළු ව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 1,200ක් සහ කිරි ශීතකිරීමේ මධ්‍යස්ථාන 106ක ප‍්‍රමාණයක් නෙස්ලේ සමාගම සතුව ඇත. 
     
    මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නෙස්ලේ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගනේෂන් අම්පලවාන, නෙස්ලේ සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya