මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා - වියට්නාම් වෙළෙඳ සබඳතා ශක්තිමත් කෙරේ

    ඔක්තෝබර් 07, 2014
    වියට්නාමය සහ ශ‍්‍රී ලංකාව අතර නව රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ගොඩනගා ගන්නා අතර ම නව වෙළෙඳ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේ අවස්ථාවන් සොයා බලන බව වියට්නාම් නව තානාපති ෆාන් කියු තූ මහත්මිය පවසයි.
     
    ශ‍්‍රී ලංකාව සමඟ වසර 40කට වඩා අධික කාලයක සිට පවතින සමාජ, සංස්කෘතික හා ආර්ථික සබඳතාවලට අමතරව මෙම නව වෙළෙඳ කටයුතු සිදු කරනු ඇති බව ද එතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
     
    ඇය මේ බව පවසා සිටියේ පසුගියදා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මැතිතුමා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේදී ය.
     
    වියට්නාමයේ නිෂ්පාදිත සහල් සහ වෙනත් නිමි භාණ්ඩ ශ‍්‍රී ලංකාවට අපනයන කිරීමත් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන් ආනයන කිරීමටත් මෙම නව වෙළෙඳ ක‍්‍රම යටතේ බලාපොරොත්තු වන බවත් ඇය මෙම හමුවේ දී පෙන්වා දුන්නාය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya