මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දින ජාතික කිටී කඳවුර හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී

    ඔක්තෝබර් 07, 2014

    ලෝක ළමා දින ජාතික කිටී කඳවුර පසුගිය 03,04, හා 05 යන තෙදින හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති අතර එහි සමාප්ති උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    එහිදී කඳවුරු සඳහා වන සහතිකපත් ප්‍රදානය හා කඳවුරු ජය සංකේත ප්‍රදානය අධ්‍යාපනක අමාත්‍යවරයාගේ අතින් සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවා හමුදාව සංවිධානය කළ මෙම කඳවුර ජාතික ළමා සංවර්ධන කිටී වැඩසටහනේ මෙහෙයවීමෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ දිවයින පුරා පාසල් රැසක සිසු සිසුවින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    සාර්ථකව මුහුණදිය හැකි පූර්ණ පෞරුෂයකින් හෙබි ළමා හා තරුණ පරපුරක් ගොඩනැගීම ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ කිටී හා කැඩෙට් වැඩසටහනේ මෙහෙවර වේ. ආරක්ෂාව හා පරිස්සම උදෙසා ළමා නායකත්වයක් ගොඩනැගීම තුළින් අනාගත ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya