නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    67 වැනි නිදහස් උළෙලට සමගාමී ව විරකැටිය සංවර්ධනය කෙරේ

    ඔක්තෝබර් 06, 2014
    2015 පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 67වැනි ජාතික නිදහස් උළෙල පැවැත්වීමට නියමිත වීරකැටිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට රජය තීරණය කොට ඇත.
     
    කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ද ජාතික නිදහස් දින උළෙලවල් පැවැත්වීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ එළැඹෙන 2015 වසරට යෙදෙන 67වැනි ජාතික නිදහස් දින උළෙල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය මහින්ද රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත ව පැවැත්වීමට තීරණය කොට ඇත.
     
    මේ සඳහා වන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම මෙන් ම උත්සව අවස්ථාවට ගැළපෙන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව ඊයේ (05) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
     
    මෙහිදී අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීහු එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් ජාතික නිදහස් දින උළෙලට සමගාමී ව ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සොයා බැලූහ.
     
    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya