නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම 16.8%කින් වර්ධනය වෙයි

    ඔක්තෝබර් 06, 2014
    2013 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂ ව 2014 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 16.8ක වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
     
    ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 90,339 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන අතර ඊට සාපේක්ෂ ව 2014 වසරේ දී සැප්තැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 105,535 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
     
    2014 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට විදේශීය සංචාරකයන් 1,107,178 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එය පසුගිය 2013 වසරේ මුල් මාස 8 දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් 904,197ට සාපෙක්ෂව සියයට 22.4 ක වර්ධනයක් බවත් පෙන්වා දෙයි.
     
    එළඹෙන 2016 වනවිට ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබේ.
     
    2014 වසරේ ගත වූ සෑම මාසයකදීම 2013 වසරේ අදාළ මාසයට සාපේක්ෂ ව විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර 2013 වසරේ දී මෙරටට පැමිණ තිබෙන විදේශීය සංචාරකයන්ගේ සමස්ත සංඛ්‍යාව 1,274,593ක් බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya