යුද්ධය හේතුවෙන් දෑත් දෙපා අහිමිවූවන් මෙන් ම නිවාස හා දේපළවලට හානි වූවන්ට මෙලෙස වන්දි මුදල් ලබාදීම සිදු කෙරේ.
2014 වසර අවසන් වීමට ප්‍රථම මෙම වන්දි මුදල් ප්‍රදානය කොට අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ 12දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා රුපියල් මිලියන 130ක් වටිනා වන්දි මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.
යුද්ධය හේතුවෙන් විනාශ වූ ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරමින් පවතී.
DB