නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරී තනතුර දේශපාලන පත්වීමක් නොවන නිසා ජනතාවට අපක්ෂපාතී සේවාවක් ලබා දෙන්න

    ඔක්තෝබර් 06, 2014
    දේශපාලන පක්ෂ භේද නොසලකා දැනුම කුසලතාව පිරි දක්ෂයන් ග්‍රාම නිලධාරීන් ලෙස  පත් කර ඇති නිසා තනතුරේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් ජනතා සේවයට කැපවීම නවක ග්‍රාම නිලධාරීන් සියලු දෙනාගේ වගකීම බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුහුණුව අවසන් කළ නවක ග්‍රාම නිලධාරීන් 150 දෙනෙකුට  ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය සහ දෙවන කණ්ඩායම ලෙස පුහුණුවට බඳවාගත් ග්‍රාම නිලධාරීන් 29 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගි වෙමිනි.
     
    මෙම උත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබුණි.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා "ඉස්සර ගම්මුලාදෑනී තනතුර ගමේ තිබුණ ප්‍රභූ තනතුරක්, ගම්මුලාදෑනියා වුණේ ගමේ සිටි ධනවත්, බලසම්පන්න, වලව්කාර පැලැන්තිය නියෝජනය කළ ප්‍රභූ පුද්ගලයන්. පසුකාලීන ව මේ තනතුර දෑරු පුද්ගලයන්ගේ අසීමාන්තික බලයත් එක්ක මහජනතාව විවිධ පීඩාවන්ට මුහුණ පෑවා. එම නිසා එම අහෝසි වුණා. මේ තනතුර තමයි ඔබ සැමට අද ලැබිලා තියෙන්නේ. නමුත් පසුගිය රජයන් ග්‍රාම නිලධාරී තනතුර සඳහා නුසුදුස්සන් පත්කළා. මේ තනතුර සඳහා 5 පාස්, 6 පාස්, 8 පාස් අය පත් කළා. තමන්ට දේශපාලනය කළ අය පෝසටර් ගහපු අය සතුටු කරන දේශපාලන පත්වීම් ගොන්නට ග්‍රාම නිලධාරී පත්වීමුත් ඇතුළත් කළා. ගමට ආදර්ශයක් දිය හැකි ග්‍රාම නිලධාරී තනතුර දේශපාලනීකරණය වුණා. ඔවුන් ගමේ ජනතාව‍ට අපක්ෂපාතී සේවයක් කළේ නෑ. අනිකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන මත දරන ජනතාවගෙන් පලි ගත්තා. සුදුසුකම් නැති මේ පිරිසට සමාජයේ තිබුණු අඩු පිළිගැනීමත් එක්ක මේ තනතුරේ ගරුත්වය පිරිහුණා. නමුත් ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ තනතුර සඳහා තරග විභාග පවත්වා නියම සුදුස්සා ග්‍රාමීය පරිපාලනයට යොමු කිරීමට වත්මන් රජයගත් ප්‍රතිපත්තිමය තීන්දුවත් එක්ක මෙම තනතුරට සුදුසු වටිනාකම ගෞරවය දැන් සමාජය තුළින් ලැබෙමින් පවතිනවා" යැයි ද සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    "ග්‍රාම නිලධාරියා කියන්නේ ජනතා පහසුකාරකයෙක්, වගේ ම ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ සම්බන්ධීකාරකවරයෙක්, එහෙම නැතුව ජනතා වගේ කරදරකාරකයෙක් නෙවෙයි කියන එකත් මතක තබා ගත යුතුයි. අද මෙතන පත්වීම් ලබන අය ගත්තත් රටේ ම පත්වීම් ගත්ත ග්‍රාම නිලධාරීන් ප්‍රමාණය ගත්තත් 75%කට වැඩි පිරිසක් කාන්තාවන්. කාන්තාවන් මේ තනතුරට සුදුසුද කියලා අපේ සමාජයේ කතිකාවතක් දැන් ඇතිවෙලා තියෙනවා. මොකද මේ වෘත්තීය පැය 24ම සේවයට කැපවිය යුතු සේවයක්. අපේ රත්නපුර දිස්ත්‍රික්කය වගේ ප්‍රදේශ නිතර ගංවතුර අවදානමට ලක් වෙන ප්‍රදේශ, ඒ වගේ අපදාවන්ට ලක්වෙන ප්‍රදේශවල සේවය කරන කාන්තා නිලධාරීන් තමන්ගේ වෘත්තියේ වගකීම් ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. එහෙම නොවුනොත් ඔබට එරෙහි ව සමාජයෙන් එල්ලවෙන මේ මතය තහවුරු වෙයි" අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, සබරගමු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය, බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාපතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතවරු, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ජගත් චන්දසිරි මහතා සහ දීප්ති ප්‍රනාන්දු මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya