නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙසැම්බර් වන විට වයඹ ජල පහසුකම් නැති සියලු ම පාසල්වලට ජලය

    ඔක්තෝබර් 04, 2014

    වයඹ පළාතේ පාසල් 216කට ජල පහසුකම් නැතිව තිබුණා. ඒ සියලු ම පාසල්වලට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වෙන කොට ජලය ලබා දෙන බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) වයඹ පළාත් සභාවේ  අමාත්‍යවරයාගේ පදවි ප්‍රාප්ති වර්ෂ පුර්ණ උත්සවය වෙනුවෙන් පැවැත්වුණු බෝධි පූජාවට සහභාගී වෙමිනි. 

     

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, “මේ වගේ ම දිනයක සිකුරාදා දවසක තමයි අපිට වයඹ පළාත් සභාවේ තුනෙන් දෙකක බලයක් ලැබිලා ආදරණීය ජනතාව අපට දුන්නු ජනවරම අනුව ප්‍රධාන අමාත්‍යවරයා විදියටත් අපේ අනෙක් අමාත්‍ය මණ්ඩලයත් දිවුරුම් දීලා මේ වගේ ම බෝධි පූජාවකින් අපි අපේ කාර්යභාරය ආරම්භ කළේ. පරමාදර්ශී පළාත් සභාවක් බිහි කිරීමේ අරමුණින් තමයි අපි මුලික වැඩකටයුතු ටික ආරම්භ කළේ. හරියට ම වසරක් සපිරෙන අද දවසේ ආපසු  අවුරුද්දක් හැරිලා බලන කොට වයඹ පළාතේ දැවැන්ත වැඩකොටසක් කරලා තියනවා. කාටවත් බයක් නැති ව කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් කාරණයක්.

     

    ඉතිහාසයේ අපට ලැබුණු මුදල් ප්‍රමාණය බලපුවා ම මිලියන 1200 වගේ තමයි ලැබුණේ. මේ අවුරුද්දේ ජනාධිපතිතුමාගේ අශිර්වාදයෙන් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එක්කත් සාකච්ඡා කර අලුත් ව්‍යාපෘති ගණනාවක් අපි වයඹ පළාතේ අලුත් සංකල්ප විදියට පටන් ගත්තා. ප්‍රධාන අමාත්‍යවරයා විදියට මගේ අමාත්‍යංශයේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල්  මිලියන  1500කට වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා. සියලු ම අමාත්‍යංශ එකතු වුණා ම මේ අවුරුද්දේ අපි මිලියන 4000කට වැඩි ප්‍රමාණයක් සියලු ම සංවර්ධන කටයුතු වෙනුවෙන් අරගෙන තියනවා.


    ඒ වගේ ම මේ අවුරුද්දේ වෙළඳපොළවල් 28ක ප්‍රමාණයක් හදනවා. ඉදිරි අවුරුදු තුළ දී තව වැඩි ප්‍රමාණයක් හදන්න කටයුතු කරගෙන යනවා. වකුගඩු රෝගය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නය අවසන් කරන්න අපිට රුපියල් මිලියන 311ක් ලබා  දුන්නා. ගම්මාන 92කට අපි ජලය පිරිසිදු කරලා බීමට දීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දළ ජාතික නිෂ්පාදනය වයඹ පළාත තුළින්  වැඩි කරලා 15% දක්වා වර්ධනය කරනවා. ඒ නිසා  පසුගිය අවුරුදු දිහා බලන කොට අපේ අඩුපාඩු තිබුණා නම් ඒ දේවලුත් හදාගෙන වයඹ පළාත් සභාව පරමාදර්ශී පළාත් සභාවක් විදියට වයඹට පමණක් නොවෙයි මුළු රටට ම ආදර්ශයක් දෙන පළාත් සභාවක් විදියට කටයුතු කරන්න ලැබේවි.”


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya