අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, “ප්‍රධාන අමාත්‍යධුරයට පත්වෙලා වර්ෂයක් පිරෙන මොහොතේ සහභාගි වෙන පළවෙනි උත්සවය මේක. තමුන්නාන්සේලා වයඹ පළාතේ දරුවන් 27000කට අධික ප්‍රමාණයකට අකුරු කියන, නායකත්වය දෙන පිරිසක්. පසුගිය අවුරුද්දේ ගුරුවරු 1200කට පත්වීම් දුන්නා. අද විද්‍යා පීඨ ගුරුවරු 18දෙනෙකුට සහ ද්විතීයක පාසල්වල ගුරුවරු 31දෙනෙකුට පත්වීම් දෙනවා. ඒ වගේ ම වයඹ පළාතේ පාසල් 1237න් 127කට මහින්දෝදය ගුරු විවේකාගාර ලබාදීලා තියනවා.
ප්‍රශ්න තිබුණු පාසල් හොයලා ඒ ඒ පාසල්වලට තමයි තමුන්නාන්සේලාට පත්වීම් ලබාදීලා තියෙන්නේ. පළාතේ දරුවන් 32000ක් අපි පහේ ශිෂ්‍යත්වෙන් සමත් කරගෙන තියනවා. මේ අවුරුද්දේ පහේ ශිෂ්‍යත්වය සමත් පළවෙනි පස්දෙනාගෙන් පළවෙනි තැනට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ දරුවෙක් සමත්වෙලා තියනවා. ඒක අපිට ලැබුණු ලොකු ජයග්‍රහණයක්.
අපේ ප්‍රධාන ලේකම්වරයා, ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් දෙනවා. අනෙක් පළාත් සභා හඹා ගෙන එනකොට අපි වේගෙන් යනවා. ඒ වගේ ම අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ අපි පළමු තැනට ගේන්න ඕනේ. තමන්ගේ කාර්යභාරය උදේ 7.30 සිට සවස 1.30 දක්වා සීමා කරන්න එපා. දරුවන්ට තමන්ගේ තියන සියලු ම දැනුම දෙන්න. ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම අපි කරනවා. පත්වීම් අරගෙන පහුවදාට මාරුවීම් හදාගන්න එන්නේ නැතුව කැපවීමෙන් ඒ ප්‍රදේශවල වැඩකරන්න. ගුරුවරු නැති පළාත්වලට තමයි අපි ඔබ තමුන්නාන්සේලාව දාලා තියෙන්නේ. එදා අපිට පහසුකම් තිබුණේ නෑ. අද ගුරුවරුන් වෙනුවෙන් ජනාධිපතිතුමා විශාල වැඩපිළිවෙළක් ලබා දීලා තියනවා. ඒ ශක්තිය ධෛර්යය ඔලුවේ තියාගෙන තමන්ගේ වෘත්තීය හරියට කරන්න. ඒ වෙනුවෙන් ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.”
මෙම අවස්ථාවට වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී.බී.එම්. සිරිසේන, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජේ.ජී.එන්. තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ටී.එම්.සී.ටී. මල්විල සහ ප්‍රධාන අමාත්‍යාංශයේ සහකාර ලේකම් අයෝමි වීරවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ECB