ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් හික්කඩුව පැරෑලියේ ධීවර තොටුපොළ සෑදීම වෙනුවෙන් රැවුල වවාගෙන කැපකිරීමක් කළ සාම්බර් මහතාගේ රැවුල ද කතුරකින් කපන ලදී.
මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. "දැන් මම මෙහේදී ඇවිල්ලා පොරොන්දු වුණා පැරෑලිය හදලා සාමිබර් මහත්තයාගේ රැවුල ප‍්‍රසිද්ධියේ වේදිකාව උඩ කපනවා කියලා. එදා කිව්වා රැවුල නොකැපුවොත් මම පෑරලිය හදන්නේ නැහැ කියලා. ඒ නිසා ඉස්සෙල්ලා ම එතුමාගේ රැවුල කපලා ඉන්නවා. රැවුල කැපුවහම එතුමා ව අඳුනගන්න බැරිවේවි." යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.
පෑරෑලියේ සාම්බරා මහතා පැරෑලිය ධීවර නැංඟුරම්පොළ කෙදිනක හෝ හදන තුරු සිය රැවුල කපන්නේ නැති බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටි අතර ගෙවී ගිය වසර ගණනාවේදී ම ඔහු සිය රැවුල නොකපා සිටියේය. ධීවර අමාත්‍යවරයා පැරෑලිය නැංඟුරම් පොළට මුල්ගල් තබන උත්සවයේදී පළමුවෙන් ම කරනු ලැබුවේ සාම්බරා මහතාගේ රැවුල කපා දැමීමයි.
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් පී. ද සිල්වා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සී-නෝර් කළමනාකාර අධ්‍යක්ෂ උජිත් අනුරාධ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH