මේ යටතේ රුපියල් කෝටියක වියදමින් තිරප්පනේ මහනාම ප‍්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සහ රුපියල් ලක්‍ෂ තිස් පහ බැගින් මීවැල්ලෑව සහ ලබුනෝරුව යන ප‍්‍රාථමික පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැතිණි. මෙහිදී ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට ලෝක ළමා දිනය, ළමුන් නිදහසේ සමරන ලෝකයේ එක ම රට ශ‍්‍රී ලංකාව බවයි. ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ස්තූතිවන්ත විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා, පළාතේ දරු දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසලට අවශ්‍ය භෞතික සම්පත් ලබාදීම කිසිකලක නො වූ ආකාරයෙන් ඉටු කරමින් තිබෙනවා. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාටත් පළාතේ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාටත් ස්තූතිවන්ත විය යුතු බවයි.
මේ අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහ, තිරප්පනේ ප‍්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරු ද පැමිණ සිටියහ.
NDH