නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද ශිෂ්‍යත්ව හපනුන්ට ත්‍යාග

    ඔක්තෝබර් 03, 2014

    පොලොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ලකුණු 198ක් ලබා දිවයිනෙන් ම දෙවැනි ස්ථානයත් උතුරු මැද පළාතෙන් ප‍්‍රථම ස්ථානයත් ලබා ගත් පොලොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ මාලක නෙත්මාල් සිසුවාට රුපියල් 50,000ක් ප්‍රදානය කිරීම උතුරු මැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේ සිසුවාගේ නිවසේදී සිදු කෙරිණි. 


    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප‍්‍රථම ස්ථානය ලබා ගත් මකුලෑව විදුහලේ චතුර දිල්ෂාන් සිසුවාට රුපියල් 25,000 ප‍්‍රදානය කිරීම ප‍්‍රධාන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී සිදු කරන ලද්දේ ප්‍රධාන අමාත්‍යවරයා විසිනි. 


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශ අරමුදලෙන් මේ මුදල් වෙන් කර ඇත.

    මේ අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල, සරත් ඉලංගසිංහ, උතුරු මැද පළාත් නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් පී.කේ. ජයලත්, ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් චන්‍ද්‍රසිරි බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.ජී. පණ්ඩිතරත්න යන මහත්වරු ද එක්වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya