මාතර දිස්ත‍්‍රික්කයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 220කට අධික ප‍්‍රමාණයක් මෙම ඇගයීම් ක‍්‍රියාවලිය සඳහා අදාළ කර ගන්නා ලද අතර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාවන් සහ දරු දැරියන් ඵලදායිතා ක‍්‍රියාවලියට සම්බන්ධ කරගැනීම අරමුණු කර ගනිමින් මෙම ඇගයීම සිදු කරන ලදී.
1945 ජපානයේ 5S ඵලදායිතා ක‍්‍රියාවලිය ආරම්භ වූ අතර අද වන විට විශාල දියුණුවක් සමඟ ආචාරශීලී, විනයගරුක ජනතාවක් සිටින රටක් වශයෙන් ජපානය ලොව පුරා ප‍්‍රසිද්ධයි. අපේ රටෙත් එවැනි තත්ත්වයක් නොතිබුණා නොවෙයි. බුදු දහම හා බැඳුණු ආගමික සිද්ධස්ථාන මුල්කර ගනිමින් ආචාරශීලී, විනයගරුක, ජවසම්පන්න දියුණු ජාතියක් විධියට අපිත් හිටියා. නමුත් විවිධ අවස්ථාවල විදේශ ආක‍්‍රමණ නිසා ඒ සියල්ල නැතිවුණා. ඒ නිසා කල් පසු වී හෝ මෙවැනි වැඩපිළිවෙළක් ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යංශය මඟින් ආරම්භ කිරීම කාලෝචිතයි. මෙය හොඳ ඉදිරි පියවරක් බව මෙහිදී අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
5S ඵලදායිතා ක‍්‍රියාවලිය වඩාත් සඵලදායීව ක‍්‍රියාත්මක කරන අනුපිළිවෙළ අනුව ස්ථාන 03ක් තෝරා ගන්නා ලද අතර ඒ අනුව ප‍්‍රථම ස්ථාන දෙකකි. අතුරලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුබෝධී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සහ කඹුරුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දමිත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය එම ප‍්‍රථම ස්ථාන දෙකයි. දෙවන ස්ථාන එකක් සහ තෙවන ස්ථාන හතරක් මෙහිදී සම්මාන ලබාගන්නා ලදී. ඊට අමතරව විශේෂ කුසලතා 07ක් සහ කුසලතා 43ක් සඳහා සහතිකපත් ප‍්‍රදානය කෙරිණි. මේ අනුව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 57ක් සඳහා සම්මාන හා සහතිකපත් ප‍්‍රදානය කෙරිණි.
මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය, ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දිස්ත‍්‍රික්කයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාවන් හා දරුදැරියෝ පිරිසක් සහභාගී වූහ.
NDH/TI-dmu matara