නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවට පළාත් සභාව දක්වා ඇති දායකත්වය ප්‍රශංසනීයයි

    ඔක්තෝබර් 02, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ අනුරාධපුර සහ පොලොන්නරුව යන දෙදිසාවේ උතුරු මැද පළාත් සභාව සිදු කරන සංවර්ධන ක‍්‍රියාවලිය මෙන්ම විශිෂ්ට සේවාව පිළිබඳ ව තමා ඉතාමත් සතුටට පත්වන බවත් පසුගිය වසර දෙක තුළ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට පළාත් සභාව දක්වා ඇති දායකත්වය පිළිබඳව ස්තූතිය පුදකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජනතාවට සෙත සැලසීමේ අරමුණින් දෙදිනක් පුරා පැවති උතුරු මැද පළාත් සභාව ක‍්‍රියාත්මක කරන "රන්බිමට අරුණළු" ජංගම සේවයේ සමාප්ති උත්සවයට එක්වෙමිනි. මේ උත්සවය පසුගියදා පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි.

    මෙහිදී පළාත් සභාව මඟින් රුපියල් 95ක් ජනතාවට ලබා දීම සිදු කෙරුණු අතර ඍජු ප‍්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 45ක ද්‍රව්‍ය ද ප‍්‍රදානය කෙරුණි. 

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත‍්‍රික්ක දෙක ම තමයි රජරට කියන්නේ. පසුගිය දවස්වල ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පොලොන්නරුවේ රැඳී සිටිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කළ බව ද පෙන්වා දුන්නේය. 

    මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසුවේ අද වංචා දූෂණයෙන් තොර පළාත් සභාවක් බිහි කර තියෙනවා. මගේ එක ම අරමුණ ජනතා මුදල් ජනතාවට දුෂණයෙන් තොර ව ලබාදීමයි. පසුගිය වසර දෙකේ දී ඒ දේ කළ බවත් සඳහන් කළේය.

    මේ අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන එච්.බී. සේමසිංහ, ආර්.එම්.පී.බී. රත්නායක, පේෂල ජයරත්න යන මහත්වරු ද ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු ද එක්වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya