නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පියයුරු පිළිකා පිළිබඳ ව දැනුවත් වීමේ මාසය සැමරීමේ ජාතික උත්සවය රුහුණු සරසවියේ දී

    ඔක්තෝබර් 02, 2014

    ජාත්‍යන්තර පියයුරු පිළිකා පිළිබඳ ව දැනුවත් වීමේ මාසය සැමරීමේ ජාතික උත්සවය ඊයේ (01) රුහුණු විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්විණි.


    ගෝලීය වශයෙන් පියයුරු පිළිකා පිළිබඳ ව දැනුවත්වීමේ මාසය ලෙස ඔක්තෝබර් මාසය හඳුන්වයි. ශ‍්‍රී ලංකාවට මෙම මාසය වැදගත් වන්නේ අප රටේ ජනතාවට වැළඳෙන බහුල ම පිළිකාව පියයුරු පිළිකාව වන බැවිනි. ඒ අනුව වසරකට මෙරට දී පියයුරු පිළිකා රෝගීන් 2,500කට අධික ප‍්‍රමාණයක් හඳුනාගනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර අලුතින් හඳුනාගත් පිළිකාවලින් 25%ක් ම පියයුරු පිළිකාව වන අතර වර්ෂ 1985 සිට ජාතික පිළිකා ලේඛනයේ දත්ත අනුව පියයුරු පිළිකා රෝගීන් අලුතින් හඳුනාගැනීමේ වැඩිවීමක් මනාව පෙන්නුම් කරන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.


    ජාතික පිළිකා මර්දන වැඩසටහන හා රුහුණු විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව මෙය සංවිධානය කර තිබුණි. 

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya