නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිං සහ නිල්වලා ගංගා හැරවීමට නව ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 02, 2014

    ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති අතර මේ මඟින් ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්වේ.


    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ පිටබැද්දර, අතුරලිය, වැලිගම, මුලටියන, මාලිම්බඩ, තිහගොඩ සහ දික්වැල්ල යන ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, දික්වැල්ල, බෙලි අත්ත, අඟුණුකොළපැලැස්ස, සූරියවැව, හම්බන්තොට නගරය සහ අම්බලන්තොට ප්‍රදේශවාසීන්ට පානීය ජලය ලබාදීමට හැකි වන අතර මහ හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත හා වාණිජ කෘෂිකර්මාන්තය සඳහා ජල පහසුකම් සැපයීමට ද අවස්ථාව උදා වේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 8,500ක නව ඉඩම් සඳහා යල සහ මහ කන්න දෙකටම ජල පහසුකම් සැපයීම තහවුරු කිරීමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ භූගත ජල මට්ටම ඉහළ යාම නිසා කෘෂි නිෂ්පාදන වර්ධනයවීම සහ අනෙකුත් දේශගුණික ප්‍රතිලාභ ඇතිවීමත් මේ ව්‍යාපෘතියෙන් අත්වන තවත් ප්‍රතිලාභ රැසකි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya