නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්

    ඔක්තෝබර් 02, 2014

    ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව හා විශ්වාසය ඇති කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නියාමනය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමට රජය තීරණය කර ඇත.


    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් සභා වාර්තාවෙහි නිර්දේශ අතර විශේෂ අවධානයක් සහජීවනය ඇති කිරීම පිළිබඳ ව යොමු වී ඇත. රජයේ විවිධ ආයතන මේ සම්බන්ධ විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ජාතික හා ප්‍රාදේශීය තලයන්හි මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. 


    ඒ අනුව ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කරගත් සියලු වැඩසටහන් හා ව්‍යාපෘති නියාමනය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම නියමිතය.

    මීට සමගාමී ව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම් සභා වාර්තාවෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් අනුකාරක සභාවකි. ඊට සහය වීම පිණිස අමාත්‍ය ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමට ද මෙහිදී පියවර ගනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya