නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මිලියන 100ක සහන

    ඔක්තෝබර් 01, 2014
    යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 100කට අධික මුදලක් ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වන දින පෙ.ව. 10.00ට කිලිනොච්චියේ නෙළුම්පියසෙහිදී සිදු කිරීමට නියමිතය.
     
    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ උපදෙස් මත පුනරුත්ථාපන අධිකාරිය විසින් මෙම වන්දි මුදල් 1200 දෙනෙකුට බෙදා දෙනු ඇත.
     
    මෙහිදී එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ එකහමාරක උපරිමයකට යටත් ව ඔවුන්ගේ විපතේ ස්වභාවය අනුව මේ මුදල් බෙදාදීමට කටයුතු යොදා ඇත.
     
    මේ වසර අවසන්වීමට පෙර යුද්ධයෙන් පීඩාවටපත් මෙවන් ජනතාවකට තවත් රුපියල් මිලියන 72ක පමණ වන්දි ප්‍රදානයක් සිදුකිරීමට කටයුතු යොදා ඇති බව ද පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya