මේ අතරතුර තවත් බැංකු 04ක සහ බැංකු නොවන මූල්‍ය ආයතන 04ක ඒකාබද්ධවීමේ යෝජනා අවසාන වෙමින් පවතින අතර නොබෝ දිනකින් එම යෝජනා ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම වසර මුලදී ප‍්‍රකාශයට පත්කරන ලද කාලසීමාවන්ට අවධානය යොමුකරමින් මේ වන විට කටයුතු ආරම්භ වී පවතින ඒකාබද්ධවීමේ/අත්පත්කර ගැනීමේ ක‍්‍රියාවලි අදාළ බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත.
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් තෝරාගත් බැංකු නොවන මූල්‍ය ආයතන සමඟ තවත් සාකච්ඡා වටයක්, එම ආයතනවල ඒකාබද්ධවීම් ක‍්‍රියාවලි සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු නිරාකරණයට අදාළ ව පවත්වන ලදී. මෙම සාකච්ඡාවලදී අදාළ ඒකාබද්ධවීම් යෝජනා ක‍්‍රියාවට නැංවීමට පහසුකම් සැපයීම පිණිස සුදුසු මගපෙන්වීම් ද ලබා දී ඇත.
මේ අතරතුර, පශ්චාත් ඒකාබද්ධවීම් කාලයේදී මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර කමිටු විසින් මේ වන විට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලට අදාළ ව පවතින නියාමන රාමුව ඇගයීමකට ලක්කරන ලද බවත් මහ බැංකුව පැවසීය.
NDH