නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය කැබිතිගොල්ලෑවේ දී

    ඔක්තෝබර් 01, 2014
    අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය මේ මස 09  සහ 10 යන දෙදින තුළ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යලය එක්ව මෙය සංවිධානය කරයි. අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහාතාගේ උපදෙස් පරිදි එළඹෙන 09 හා 10 දෙදින තුළ විශේෂ දේශන, ජන සංගීත වැඩසටහන්, කෙටි නාට්‍ය, හිටිවන කවි මඩු, පොත් ප්‍රදර්ශන, නර්තනාංග, රූකඩ සංදර්ශන ආදි කලාංග රැසක් පැවැත්වීමට සුදානම් කර තිබේ.
     
    මීට අමතර ව සුවිශේෂී කටයුත්තක් ලෙස රජරට ප්‍රදේශයේ කීර්තියක් අත්කරගත් කලාකරුවන් 10 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමට ද කටයුතු යොදා ඇත. 
     
    දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයේ සමාරම්භය උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහි සමාප්ති උත්සවය ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද,  උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකොන්, පළාත්  අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය කේ.එච්. නන්‍ද‍සේන යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    සම්භාවනීය අමුත්තන් ලෙස විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය වීර කුමාර දිසානායක, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ හා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බි. හේරත් යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතයි.
     
    මෙම අවස්ථාවට එක්වූ  උතුරු හා උතුරු මධ්‍ය  පළාතේ  ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමිපාණන්  වහන්සේ අනුශාසනා කරමින්  සඳහන් ‍කළේ නුවර කලාවියේ සැඟවුණු උරුමය මතුකර ගැනීමට  උතුරු මැද කලාකරුවන් කැප වී ක්‍රියා කළ යුතු බවයි.
     
    ඊයේ (30) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික්  සංස්කෘතික බල මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳ ව දීර්ඝ ව‍ශයෙන් සාකච්ඡා විය.   මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් මහින්ද චන්ද්‍රසේකර,  දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ උප සභාපති දිමුතු චින්තක යන මහත්වරුන් ඇතුළු රජරට කලාකරුවන් විශාල  පිරිසක් සහභාගී වූහ.  
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya