උතුර දකුණ යා කරමින් යාපනය දක්වා මෙහි ගමන් මාර්ග පුළුල් කිරීමෙන් යාපන ප්‍රදේශයේ වැසියන්ට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
ඔක්තෝබර් 13 දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පලෙයි සිට යාපනය දක්‌වා එදින පෙරවරුවේ සුබ මොහොතින් ගමන් ආරම්භ කිරීමට නියමිතය. අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ද මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වනු ඇත. එය නවීන විදුලි සංඥා පද්ධතියකින් ද සමන්විත වේ.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට පලෙයි දක්‌වා සිදු වන අතර වව්නියාව දක්‌වා පමණක් ධාවනය වූ දුම්රිය යුද්ධය නිමවීමෙන් අනතුරුව තාණ්‌ඩිකුලම, ඕමන්ත, කිලිනොච්චිය දක්‌වා ධාවනය කරවීමට රජයට හැකි විය.
උතුර දුම්රිය මාර්ගය තැනීම ඉන්දීය 'ඉර්කෝන්' සමාගම විසින් සිදු කරනු ලබන අතර ඉදිරියේදී කන්කසන්තුරෙයි දක්‌වා ම මෙම දුම්රිය ධාවනය කරවීම රජයේ අරමුණ වේ.
NDH/mod