මේ වන විට දිස්ත්‍රික්කය තුළ පාරම්පරික වී වගාව සිදු කරමින් පවතී. එම වී අස්වනු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. දිසාපතිවරයා පැවසුවේ, වී කිලෝවක් රුපියල් 70ක මුදලකට මිල දී ගන්නා බවයි.
එම වී මිල දී ගෙන පාරම්පරික වී වගා කිරීමට කැමැත්ත දක්වන පිරිස් සඳහා නොමිලේ බෙදාහැරීම සිදු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. මෙහි දී දිවයිනේ ඕනෑම ප්‍රදේශයක, පාරම්පරික වී වගාවට කැමැත්ත දක්වන ගොවීන් සඳහා පාරම්පරික බිත්තර වී නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ. දේශීය සංස්කෘතික දායාද අනාගත පරපුරට දැනුම්දීම මෙන් ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු වැනි රෝගාබාධ පාලනය සඳහා යොදාගන්නා පිළියමක් ලෙස පාරම්පරික වී වගා ව්‍යාප්තිය සිදු කරයි.
ECB/SB_dmu_Anuradhapura