නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැමි දිරිය ව්‍යාපෘතිය අවසන්වීම පිළිබඳ ව නිලධාරීන් දැනුවත් කෙරේ

    ඔක්තෝබර් 01, 2014

    ගැමි දිරිය ව්‍යාපෘතිය ගිවිසුම් ප්‍රකාරව නිසි කාලසීමාව තුළ අවසන් කළ යුතු බවත් එය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. 
     

    ගැමි දිරිය ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේදී අවසන්වීමට නියමිතය. මේ පිළිබඳ ව වැරදි අවබෝධයක් මත පෙළ ගැසුණු ප්‍රදේශයේ ජනතාව පසුගියදා නුවරඑළිය නගරය වෙත සාමකාමී පාගමනකින් පැමිණ සිටියහ. 

    දැඩි වාහන තදබදයක් මෙමඟින් හට ගත් අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් රැසක් ද පැමිණ සිටියහ. ගැමි දිරිය ව්‍යාපෘතිය යටතේ වතුකරයේ ජනතාව වෙත බොහෝ ප්‍රතිලාභ හිමි වූහ. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට ගැමි දිරිය ව්‍යාපෘතිය යටතේ සිදු වූ සේවාව ඉමහත්ය. එසේ වූවද එකී ව්‍යාපෘතිය ගිවිසුම්ගත කාලසීමාව තුළ අවසන් කළ යුතු ව ඇත. එබැවින් ජනතාව තුළ අනිසි බියක් ඇති වී තිබේ.

    මෙම ජනතාව ආමන්ත්‍රණය කිරීම සඳහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා ද පැමිණ සිටියේය. මේ සඳහා ගැමි දිරිය ව්‍යාපෘතිය යටතේ සේවය කළ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ. 

    මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ගැමි දිරිය ව්‍යාපෘතිය ග්‍රාම සේවා වසම් 92ක් පුරා ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතීන් සඳහා වැය කළ මූල්‍ය ප්‍රතිපාදන ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් අඛණ්ඩ ව වැයකොට ව්‍යාපෘති නිමකිරීමට පියවර ගැනේ. එවැනි ව්‍යාපෘති අතරමග නවතා දැමීමට කිසිදු ආකාරයේ යෝජනාවක් සිදු කර නොමැති බවත් කඩාකප්පල්කාරී කණ්ඩායම්වල කටකතාවලට නොරැවටෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම්තුමා මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් සහ මහජනතාව වෙතින් ඉල්ලා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පෙන්වා දුන්නේ ගැමි දිරිය යටතේ සේවය කළ නිලධාරීන් දිවි නැඟුම ව්‍යාපෘතීන් වෙත සම්බන්ධ කරලීම සඳහා ඉදිරියේ දී වැඩසටහනක් සකසන බවයි.

    NDH/SH-dmu nuwaraeliya 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya