ග්රාමීය ආර්ථිකය නගාසිටුවීම සඳහාත් ග්‍රාමීය ජනතාවට නිසි අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා වූ අවස්ථා නිර්මාණය කිරීමත්, රජයේ රැකියා සඳහා අවස්ථාව නිර්මාණය කරන ලද්දේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ රට නගන නිල් රැල්ල තරුණ සම්මේලනයට එක්වූ තරුණ තරුණියන් අමතා අමාත්‍යතුමා මේ අදහස් පළ කළේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි මහා ගෞරවනීය දේශපාලන පක්ෂයකි. සාමාන්‍ය ජනතාවට නායකත්වය දුන් දේශපාලන පක්ෂයකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාන්‍ය ජනතාවට මේ රටේ අනාගතයේ දොර විවර කර දුන් දේශපාලන පක්ෂයකි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් දේශමාමක පිරිස් එක්රැස් කරමින් 1951 අවුරුද්දේ ආරම්භ කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගු ඉතිහාසයක් තිබේ. ඒ ඓතිහාසික වැඩපිළිවෙළ රට වෙනුවෙන් එඩිතර තීන්දු රැසක් ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.
ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යතුමිය බිහිකිරීමේ අභිමානය ශ‍්‍රී ලංකාවට තිබෙන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාමානත්මතාව පිළිබඳ ව අපගේ විශ්වාසය විද්‍යමාන වන බවත් ඒ අවස්ථාව උදාකර දී ඇත්තේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් අමාත්‍යවරයා මතක් කර දුන්නේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සභාග ආණ්ඩු 1960 ප‍්‍රගතිශීලි පනත් ගෙන තිබේ. 1990 දශකයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුම වුණේ විලාප නගන රටකි. විශේෂයෙන් ම 2004දී අතිගරු ජනාධිපතිතුමා බලයට පැමිණියේ මුළු රටම කඳුළු ගඟක, ලේ ගඟක ගලාගෙන යන අවස්ථාවක බවත් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජවය පාවිච්චි කර, අනෙකුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන රටේ නිදහස ඇති කරන්න ඊට පස්සේ මේ රටේ සංවර්ධනය ඇති කරන්න රට මෙහෙයවීමට අතිගරු ජනාධිපතිතුමාට හැකි වූ බවත් අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.
වැඩිපුර ම රටේ මාර්ග සංවර්ධනය කළ නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා රටේ මාර්ග සිතියම වෙනස් කළා. එල්.ටී.ටී.ඊ.ය රට දෙකඩ කර තිබූ ඊනියා නිජබිම් සංකල්පයේ සිතියම වෙනස් කර රට එක්සේසත් කළා. සමානුපාතික ඡන්ද ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් කිසිදා 2/3ක බලයක් ලබාගැනීමට නොහැකියි. සිංහලේ මහා රජවරු වැව් බැඳ මෙරට සශ‍්‍රීක කළා මෙන් අතිගරු ජනාධිපතිතුමා රට එක්සේසත් කර නව සංවර්ධන සංග‍්‍රාමයකට රට මෙහෙයවා තිබෙන බව ද අමාත්‍යතුමා පැවසීය.
අලුත් පරම්පරාවේ අය හිතන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දේශපාලන පක්ෂයක් විතරයි කියලා. නමුත් දේශපාලන පක්ෂයකට වඩා මේ රට මෙහෙය වූ ගාමක බලවේගයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව පෙන්වා දුන් ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ පරම්පරාවේ අයට උරුම කර දුන් බව ද කීය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ඔසවන්න අනාගත ලෝකයක් නිර්මාණය කරන ගමන් ම මේ තරුණ පරම්පරාව එකතු කරන්න අවශ්‍ය බවත් මෙහිදී පැවසීය. අද තරුණ පෙළ දේශපාලනය කියන්නේ නිරර්ථක දෙයක් කියා සිතන බවත් නමුත් රටේ තියෙන සෑම ගොඩනැගීමක්ම දේශපාලන ප‍්‍රතිපත්ති මත ගොඩ නැගුණ වැඩපිළිවෙළවල්හි ප‍්‍රතිඵල බව තේරුම් ගත යුතු බවත් කීය.
උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවක් ගොඩනැගෙමින් තිබේ. ප‍්‍රාදේශීය සභාව, පළාත් සභාව සහ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔවුන්ට අවකාශය තිබේ. ඒ අය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය භාර ගත යුතුයි. තරුණ පෙළ සඳහා ජවයක්, වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය නායකත්වය, වැඩපිළිවෙළ, ජවය, උපරිම මට්ටමෙන් ලබා දෙන්න පක්ෂය බැඳී සිටින බවත් අමාත්‍යතුමා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, තාරානාත් බස්නායක, ශාන්ත බංඩාර සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් හේරත්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි සමන්මලී සකලසූරිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
NDH