මේ සඳහා කොළඹ ඉසිපතන විද්‍යාලයේ පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් සිය සම්පත් දායකත්වය සපයනු ලැබූහ.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන් මාලාව සම්බන්ධීකරණය කළේය. සිංගප්පුරුවේ මහා කරුණා පදනමේ කරඳන ගුණරතන හිමියන්ගේ අනුග්‍රාහක දායකත්වය ද ඉසිපතන විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද මේ සඳහා සහයෝගය ලබා දී ඇත.
මෙවර මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සිසු දරුවන් 500 දෙනෙක් සා/පෙළ වෙනුවෙන් පෙනී සිටීමට නියමිත අතර පැය දෙක බැගින් දිනකට දේශන තුනක් වශයෙන් සති අන්ත 12කදී අවසන් කිරීමට නියමිත මෙම පුනරීක්‍ෂණ වැඩසටහන ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ විද්‍යාව යන විෂයන් ඉලක්ක කර ගනිමින් දමිළ මාධ්‍යයෙන් සංවිධානය කර ඇත.
පළමු දින වැඩසටහන ආරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාද සහභාගී වූ අතර එදින මුලතිව්හි පාසල් 08කට අයත් සිසු දරුදැරියෝ 265 දෙනෙක් සහභාගී වී සිටියහ.
NDH/mod