නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපු දිස්ත්‍රික්කයට කාන්තා සුරැකුම් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

    සැප්තැම්බර් 30, 2014

    මඩකළපු දිස්ත්‍රික්කයට කාන්තා සුරැකුම් මධ්‍යස්ථානයක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මුල් ගල තැබීමේ උත්සව ඊයේ (29) පැවැත්වුණි.

    මඩකළපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මුල් ගල තැබීම් සිදු කෙරිණි.

     

    ළමා අපයෝජන සහ කාන්තා හිංසන පිටුදැකීමේ ව්‍යාපෘතිය යටතේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් මෙම මධ්‍යස්ථාන ඉදි කිරීමට මුළු පිරිවැය දරනු ලැබේ.

     

    ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය මඩකළපු දිස්ත්‍රික්කයේ කල්ලියන් කාඩු ප්‍රදේශයේ ඉදිකිරීමට මුල් ගල තැබුණි. රුපියල් මිලියන 10ක මුදලක් ඒ සඳහා වෙන් කර ඇත.

     

    සත්තුරු කොණ්ඩායින් කොක්කුවිල් ප්‍රදේශයේ කාන්තා සුරැකුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට මුල් ගල තැබූ අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 12.3කි.

     

    2014 අය-වැය යෝජනා අනුව ළමා අපයෝජන සහ කාන්තා හිංසනය පිටුදැකීමේ අරමුණෙන් ජනාධිපතිතුමන් විසින් රුපියල් මිලියන 700ක මුදලක් වෙන්කොට තිබේ. ඊට සමගාමීව මෙම මධ්‍යස්ථාන දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඉදි කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

     

    මඩකළපු දිස්ත‍්‍රික් අතිරේක ලේකම් එස්. ගිරිධරන්, සහකාර දිස්ත‍්‍රික් ලේකම් එස්. රංගනාදන් හා ප්‍රධාන ඉංජිනේරු ටී. සුමන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක් ව සිටියහ.

     

    SDF

    Batti Women and children-4Batti  Women and children-2Batti Women and children-3Batti Women and children-5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya