නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ පොල්අතු සහිත පාසල් ගොඩනැගිලි අහෝසියි

    සැප්තැම්බර් 29, 2014
    වයඹ පළාතේ පාසල්වල පොල්අතු සෙවිළි කළ පාසල් 69ක් හඳුනාගෙන ඇති අතර එයින් 21ක් ස්ථීර වහල සහිත ගොඩනැගිලි බවට පත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 870ක් ලබාදීමට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන තිබේ.  

    වයඹ ප්‍රධාන අමාත්‍යවරයා 2013 ඔක්තෝබර් 7 වෙනි දින වැඩ භාර ගැනීමෙන් පසු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තොරතුරු සොයා බැලීමේදී පොල්අතු සෙවිලි කළ ගොඩනැගිලි 69ක් ඇති බව අනාවරණය විය. 

    ඉදිරි වර්ෂවලදී කඩිනමින් එම ගොඩනැගිලි සියල්ල ම ස්ථීර වහල සහිත ගොඩනැගිලි බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යවරයා ඒ අනුව පියවර ගන්නා ලදී.

    අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් අනාරක්ෂිතව අධ්‍යාපන කටයුතු නියැළෙන දරුවන්ට මින් ඉදිරියට යහපත් මානසික තත්ත්වයක සිට අධ්‍යාපනයේ නියැළීමට ඒ මගින් හැකියාව ලැබෙනු ඇත.  

     ECB   
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya