නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්ඨ බලවේගවලට මුහුණ දීමේ හැකියාව ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂික කාන්තාවන් සතුයි

    සැප්තැම්බර් 29, 2014

    සංවර්ධනය කරා යන ගමන වළකාලමින් රට නැවතත් අඳුරු යුගයක් කරා යොමු කිරීමට කටයුතු කරන එක්සත් ජාතික පක්‍ෂයේ දුෂ්ඨ බලවේගවලට මුහුණ දීමේ හැකියාව ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂික කාන්තාවන් සතුව ඇතැයි පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


    ‘‘රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම’’ තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මග පෙන්වීම මත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ආසන මට්ටමින් කි‍්‍රයාත්මක කරනු ලබන සම්මන්ත‍්‍රණ මාලාවේ කාන්තා සම්මේලනය ඊයේ (28) පස්වරුවේ වලපනේ හරස්බැද්ද යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේ පැවති අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    රටට එරෙහි වන දුෂ්ඨ බලවේග රජ කාලයේ මෙන් ම අද ද කි‍්‍රයාත්මක ව පවති. කුරිරු ත‍්‍රස්තවාදය නිමාකොට රට ශීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටියි. එය ඉවසාගත නොහැකි දේශීය මෙන් ම විදේශීය බලවේග රට ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටියි. මේ තත්ත්වය අප අවබෝධ කොට ගෙන බුද්ධිමත් මනසින් කි‍්‍රයා කළ යුතු කාලය දැන් එළඹ ඇත. ජාති ආගම් කුල බේදවලින් තොර සමාජයක් බිහි කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. එබැවින් තුන්වන වරටත් මෙරට ජනාධිපති වන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.



    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසුරිය මහත්මිය පැවසුවේ, අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කොට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා කටයුතු කළේ වත්මන් රජය බවයි.

    ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය අදහස් දක්වමින් සැමදා එකසේ කාන්තාවන්ට ගරු කරන එක ම පක්‍ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බව කීය. එබැවින් පක්‍ෂය දිනවීමේ වගකීම කාන්තාවන් සතු බවද කීවාය.


     පුත්තලම් දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා අදහස් දක්වමින් එක්සත් ජාතික පක්‍ෂය බලයට ඒමට හීන දැක්කද කළගුණ දන්නා ජනතාව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ බව පැවසීය. 


    නැගෙනහිර පළාත් සභාවේ සභාපති ආරියවතී ගලප්පත්ති මහත්මිය අදහස් දක්වමින් නිවසක ජයග‍්‍රහණය කාන්තාවන්ගේ සකසුරුවම මත රඳා පවතින බවත්, පවුල යහමගට ගැනීමේ වගකීම කාන්තාව සතු යුතුකමක් බවත් කීවාය.


    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු කිලිනොච්චි ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් මහත්මිය යාපනයේ එදා බයිසිකල්වලින් ඡන්දය කරපු විපක්‍ෂයේ පිරිස අද ප‍්‍රාඩෝවලින් ගොස් ඡන්දය කිරීමට හැකි තත්ත්වය උදා කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බව කීවාය. 1948 දී අපේ රට නිදහස ලබා ගත්තේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ම ජන කොටස්වල එකමුතුකම නිසා වෙනි. එහෙත් ඒ එකමුතුකම පසුකාලීනව විනාශ වුවද යළිත් සියලු ම ජාතීන් අතර එකමුතුකම ගොඩනැගුවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. මෙරට ජනාධිපතිවරුන් කොතරම් සිටියද රටට ආ සියලු අභියෝගවලට නිර්භයව මුහුණ දුන්නේ එතුමා පමණයි. දුන් පොරොන්දු ඉටුකළ රාජ්‍ය නායකයා එතුමායි. නිවසේ අභියෝගවලට මුහුණ දෙන කාන්තාව එය තේරුම්ගෙන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වටා එක්රොක් ව සිටින්නේ යැයිද නගුලේෂ්වරන් මහත්මිය වැඩිදුරටත් පැවසීය.



    මෙම අවස්ථාවට මධ්‍ය පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එස්.බී. රත්නායක, වලපනේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමරහේවා ඇතුළු මන්තී‍්‍රවරුන්, මහරගම මහ නගර සභාවේ සභාපති කාන්ති කොඩිකාර, වලපනේ ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාන්තා බලමණ්ඩලයේ සභාපති ගීතා රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු බලමණ්ඩලයේ සාමාජිකාවෝ විශාල පිරිසක් එක් ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya