අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලෝක ජනාවාස දින සමුළුව වෙනුවෙන් ඊයේ (29) නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
“ජනාවාස හඬක් - ජන සෙවණ හෙටක් ” තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලෝක ජනාවාස දින ප්‍රධාන සමුළුව ඔක්තෝබර් මස 06 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ලෝක ජනාවාස දිනය පසුගිය වසරවලත් කලාපයේ වෙන රටවලට සාපේක්ෂ ව අපි ඉතා සාර්ථක අන්දමින් සමරනු ලැබුවා. එයට හේතුවක් තිබෙනවා ශ්‍රී ලංකාවේ යෝජනාවකට අනුවයි ලෝක ජනාවාස දිනය පිළිගැනීමක් ඇති දිනයක් බවට පරිවර්තනය වුණේ. ඒ නිසාම අපි පසුගිය අවුරුදුවල ඉතා විශාල වැඩසටහන් ප්‍රමාණයක් ජනාවාස දිනය වෙනුවෙන් සමරනු ලැබුවා. එම වැඩසටහන් හැබිටාඩ් ආයතනයේ ප්‍රසාදයට හා ඇගයීමට පවා ලක්වුණා. කෙසේ වෙතත් මෙරට පසුගිය වසර කිහිපයට ම වඩා ඉතා ප්‍රබල ශක්තිමත් වැඩසටහනක් දියත් කරන්න සියලු කටයුතු මේ වන විටත් ආරම්භ කොට තිබෙනවා. 2014 වසරේදී අපේ තේමාව එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසමට ඉදිරිපත් කර තිබෙන තේමාවට අනුකූල ව අපේ රටට ගැළපෙන තේමාවක් අපි නිර්මාණය කර ගත්තා. ඒ “ජනාවාස හඬක් ජන සෙවණින් හෙටක්” යන්නයි.
1985 ආරම්භ වුණු මේ ජනාවාස දිනය සැමරීමේ වැඩසටහන මේ වසරේදී කැපී පෙනෙන වැඩසටහන් රාශියක් දියත් කරනු ලැබ තිබෙනවා. එහි පළමු පියවර ජනාවාස දින ජාතික සමුළුව. එදින සමුළුවේදී ඉතා වැදගත් ඓතිහාසික කටයුත්තක් සිදුවෙනවා. මෑත ඉතිහාසයේ පළමු වතාවට ජාතික නිවාස ප්‍රතිපත්තිය නිල වශයෙන් එළිදැක්වීම. භාෂා 3න්ම වෙබ් අඩවි මඟින් නිවාස ප්‍රතිපත්තිය පිළිබඳ මූලික කෙටුම්පත ජනතාවගේ අවධානයට ලක් කළා. ඒ වගේ ම අමාත්‍ය මණ්ඩලයේ විශේෂ සැලකිල්ලට හා අවධානයට ලක්කරලා යම් යම් සංශෝධන ඉදිරිපත් වෙලා තිබෙනවා.
මහජනතාවගේ, අමාත්‍ය මණ්ඩලයේ වෘත්තිකයන් හා විද්වතුන්ගේ සියලු අදහස් සැලකිල්ලට අරගෙන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබූ ජාතික නිවාස ප්‍රතිපත්තිය අපි ලෝක ජනාවාස දින ප්‍රධාන වැඩසටහනේදී එළිදක්වනවා. එය ඉතා ම වැදගත්. ජාතික නිවාස ප්‍රතිපත්තියක් පිළිබඳ ව ලේඛනයක් අපිට මුලින් ම හමුවන්නේ පීටර් කෙනමන් මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටි යුගයේ. ඉන් පසුව ජාතික නිවාස ප්‍රතිපත්තියක් හදන්න විවිධ උත්සාහයන් යෙදිලා තිබුණත් එය සාර්ථක වුණේ නැහැ. මට මතකයි එක්වරක් ජාතික නිවාස ප්‍රතිපත්තියක් හදන්න මිලියන ගණනක් සල්ලිත් වියදම් වෙලා තිබුණා. නමුත් මේ නිවාස ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සඳහා සත පහක්වත් අපට වියදම් වුණේ නැහැ. එය ඉතා ම වැදගත් කාරණයක්. එය පිටුපස තිබෙන්නේ අපේ අමාත්‍යාංශයේ හා ආයතනවල නිරතවෙලා සිටින කොටස්වල හා ස්වේච්ඡාවෙන් අදහස් ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරපු විද්වතුන් කණ්ඩායමකගේ ශක්තිය. සමහර විට කිසිදු වියදමක් නොකර එළිදැක්වෙන ලංකාවේ පළමු ජාතික ප්‍රතිපත්තිය මේ ජාතික නිවාස ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. අමාත්‍යාංශ 25ක් මේ සඳහා අප දායකකර ගත්තා. ඒ 25හි අදහස් විශේෂ සැලකිල්ලට ලක්කරලා මේ ජාතික නිවාස ප්‍රතිපත්තියේ අවසන් ලේඛනය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ජාතික නිවාස ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත පිළිබඳව හැබිටාඩ් ආයතනයක් එක්තරා අවස්ථාවක ඔවුන්ගේ ප්‍රසාදය පළකර තිබුණා. ඔක්තෝබර් 06 දින ලෝක ජනාවාස දින උත්සවයේදී ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත ප්රදානය කරමින් එළිදැක්වීම සිදුකරනවා.
ලෝක ජනාවාස දින වැඩසටහනේ මෙවරත් අපි විශේෂ අවධානයක් යොමුකළා නාගරික ප්‍රදේශවල ජීවත්වන දරුවන් වෙනුවෙන් වූ ක්‍රියාකාරකම් පිළිබඳ ව. කොළඹ නගරය සංවර්ධනයට භාජනය වෙමින් තිබෙන නගරයක් නිසා විශේෂයෙන් ම කොළඹ නගරය පිළිබඳ ව අපි විශේෂ අවධානයකට ලක්කළා. දැනට අවිධිමත් ජනාවාසවල ජීවත්වන ප්‍රජාව විධිමත් ජනාවාසවලට ගෙන යනු ලබමින් තිබෙන සංක්‍රාන්ති කාලයක් අපි මේ ගත කරන්නේ. මේ සංක්‍රාමීය කාලපරිච්ඡේදය තුළ මේ දරුවන් වෙනුවෙන් නිර්මාණය වන නව ජනාවාසකරණයට සුදුසු පරිදි ඔවුන් පෙරළගන්න අවධානය යොමු කළා. ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට වඩා දරු පරම්පරාව බොහෝදුරට වෙනස්. ඔවුන්ට ඕන කලින් පැවති පැරණි ජනාවාස නොවෙයි. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විවිධ ක්‍රියාකාරකම්වලට ඔවුන් ව සම්බන්ධ කරගත්තා. නාගරික ජනාවාසවල දරුවන් වෙනුවෙන් ළමා චිත්‍ර තරගයක් අපි පසුගියදා ආරම්භ කළා. ඒ තරගය වෙනුවෙන් වැඩි ම ඉදිරිපත්වීම තිබුණේ මේ වසරේ පැවති තරගයේ. 13,800ක් දරුවන් මේ වසරේ ඉතා උනන්දුවෙන් සහභාගී වුණා. එම 13,800ක පිරිසගෙන් 5000ක් තෝරාගෙන එම 5000ක පිරිසගෙන් අවසන් තරගය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැත්වූවා. එම දරුවන්ගෙන් ජයග්‍රහණය කළ සිතුවම් 700ක් ජාතික කලාභවනේදී ඔක්තෝබර් 01 සිට 03 දක්වා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. අඩු පහසුකම් ජනාවාසවල දරුවන් වෙන ම ඇගයීමකට භාජනය වන්නේ ඉතාහාසයේ පළමු වතාවට. දරුවන්ගේ හැකියා වෙන වෙන ම උරගා බලන්නේ ඉතිහාසයේ පළමු වතාවට. දරුවන්ගේ අනාගත සිහිනය සිතුවම් කර තිබෙනවා. ඒ සිතුවම් ජාතික කලාභවනේදී දැකගත හැකියි. ඒ සඳහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලා අධ්‍යයන අංශයේ විශාල සහයෝගයක් ලැබුණා. එයින් අපි බලාපොරොත්තු වන්නේ මේ දරුවන් පිළිබඳ අප සැලකිල්ලෙන් සිටිනවා, ඔවුන් නොසලකා හැර නැහැ කියන පණිවිඩය ලබාදෙන්න.
“කොළඹ ළමයි ” තේමාව යටතේ විවිධ ප්‍රසංගයන් දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනයේ සිට ඔක්තෝබර් 06 ලෝක ජනාවාස දිනය දක්වා වූ කාලය ඇතුළත යෙදෙන ඔක්තෝබර් 04 දින කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගන ශාලාවේදී මෙම දරුවන්ගේ හැකියාවන් ප්‍රසංගයක් හැටියට වේදිකාවට ගෙනෙන්න කටයුතු සංවිධානය කර තිබෙනවා. දරුවන්ගේ ගායන, නිර්මාණ ආදී දරුවන් 2000කට අධික විශාල පිරිසකගේ විවිධ හැකියාවන් නෙළුම් පොකුණ රඟහලේදී ඉදිරිපත් කෙරෙනවා. නෙළුම් පොකුණේ මෙවැනි ප්‍රසංගයක් පැවැත්වෙන්නේ පළමු වතාවට කියලා අපි විශ්වාස කරනවා.
මීට සමඟාමීව ඔක්තෝබර් 01 සිට 04 දක්වා නෙළුම් පොකුණ ආශ්රිත ව පැවැත්වෙන වීදියේදී වීදි ආහාර සැණකෙළියක් පවත්වන්න නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙම වීදි ආහාර සියල්ල නිපදවන්නේ කොළඹ අඩු ආදායම්ලාභී ජනාවාසවල මව්වරු නැතිනම් පියවරු, ඒ අයගේ ජීවන උපාය සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට ඔවුන්ට ගෑස් සිලින්ඩරයක් හා ගෑස් ලිප් ලබා දී තිබෙනවා. ඒ මඟින් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර තිබෙනවා. දරුවන් එක පැත්තකින් තමන්ගේ හැකියාවන්, දක්ෂතාවන් පෙන්වන විට වැඩිහිටියන්ගේ ජීවනෝපාය වර්ධනයට අපේ දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කොළඹ අඩු පහසුකම් ජනාවාසවල මව්පියන් අතින් පිළියෙල වන ආහාර පරිභෝජනය කරන්න පැමිණෙන්න කියලා.
ලෝක ජනාවාස දින නාට්‍ය උළෙල නාගරික අඩු පහසුකම් ජනාවාසවල ළමුන් 1500කගේ සහභාගීත්වයෙන් පවත්වන්න නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සූදානම් කර තිබෙනවා. එහිදී තෝරාගන්නා හොඳම නාට්‍ය සඳහා ජනාධිපතිතුමා අතින් ලෝක ජනාවාස දින සමුළුවේදී ත්‍යාග හා සම්මාන ප්රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. එපමණක් නො වේ අපි මේ දරුවන්ගේ කුසලතා ගැනත් අවධානය යොමු කළා. තරුණ තරුණියන් 2000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කාන්තා හා පිරිමි ක්‍රිකට් තරග පැවැත්වුවා පසුගිය කාලය පුරාම. සැප්තැම්බර් 28 දින රාජගිරිය, බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් තරගවලින් ජය ලබාගන්නා කණ්ඩායම්වලට ජනාවාස දින ජාතික සමුළුවේදී තිළිණ ප්රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතර ව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු අපේක්ෂාවෙන් සිටි පවුල් 500ක් සඳහා හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. එම ඔප්පු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාවාස දින සමුළුවේදී ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) මඟින් ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන් 100ක් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කරන්න කටයුතු කරලා තියෙනවා. එසේ පුහුණුව ලැබූ ශිල්පීන් 100ක් සඳහා NVQ සහතිකපත්‍ර පිරිනැමීම ද අතිගරු ජනාධිපතිතුමා අතින් සිදුවෙනවා. එමඟින් එම ශිල්පීන් ඉදිකිරීම් ක්ෂේත්රයේ පුහුණුව ලැබූ පිරිසක් බවට පත්වෙනවා. මුලතිව්, වැලිඔය ප්‍රදේශයේ ඉදිකිරීම් ශිල්පීන් 300ක් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් පවත්වා ඒ අය සඳහා NVQ සහතිකපත්‍ර පිරිනැමීම ද මෙදින සිදුවෙනවා. ඊට අමතර ව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් 50ක් ලියාපදිංචි කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
එසේම මහල් නිවාස කළමනාකරණය කරන්න, කළමනාකරණ සංස්ථා ව්‍යුහයක් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් පවත්වාගෙන යනවා. අපි ගියවර ලෝක ජනාවාස දිනයේදී හොඳ ම කළමනාකරණ සංස්ථාව තෝරලා එයට ජනාධිපතිතුමන් අතින් සම්මාන ප්රදානය කළා ඉතිහාසයේ පළමු වතාවට. මෙවරත් අපි හොඳ ම කළමනාකරණ සංස්ථා 2ක් තෝරනු ලබනවා. රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ නිවාස යෝජනා ක්‍රමවල කළමනාකරණ සංස්ථා වෙන් වශයෙන් තෝරලා තිළිණ ප්රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා.
මීට සමගාමී ව “ජනසෙවණ - නගමු පුරවර” වැඩසටහන යටතේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල මහල් නිවාස පද්ධති නවීකරණය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් නවීකරණය වෙමින් පවතින මහල් නිවාස සංකීර්ණවලින් කිහිපයක් මේ ආශ්රිත කාලපරිච්ඡේදය තුළදී විවෘත කිරීමට. ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සංවර්ධන ව්‍යාපෘති 8ක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සූරියමල් පුර, සාංචි ආරච්චිවත්ත, මොහිදින් මස්ජිඩ්, සුචරිත මාවත, සාමපුර, අබ්දුල් හමීඩ්, කාක දූපත යන නිවාස ක්‍රම රද්දොළුගම ප්‍රජා ශාලාව මෙම ජනාවාස සතිය තුළ විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.
සහාධිපත්‍ය කළමනාකරණ සංස්ථා හා දේපළ සංවර්ධකයන් සඳහා සහාධිපත්‍ය වැඩමුළුවක් ඔක්තෝම්බර් 24 දින පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මීට සමගාමී ව දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර හා රචනා තරගයක් පවත්වනවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින්. දරුවන් දස දහස් ගණනින් චිත්‍ර හා රචනා තරගයට ඉදිරිපත්වෙලා තිබෙනවා. ඔවුන් අතරින් ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්රදානය ලෝක ජනාවාස දින සමුළුවේදී සිදුකෙරෙනවා. එම දරුවන්ගේ චිත්‍ර 500කට අධික ප්‍රමාණයක් ඔක්තෝබර් 06 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනය කෙරෙනවා. ඊට අමතර ව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල මුල්කරගෙන ලෝක ජනාවාස දිනය පිළිබඳ ව දිස්ත්‍රික් සම්මන්ත්රණ හා වැඩමුළු ගණනාවක් දියත් වෙනවා. ඒ වගේ ම ප්‍රජා සහභාගීත්ව නිවාස පිළිසකර කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව ලෝක ජනාවාස දිනය 1985 දී විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ඉතා පුළුල් අරමුණකින් බව පෙනෙනවා. එනම් ජනාවාස දිනය පිළිබඳ ව පුඵල් කථිකාවක් ඇතිකරන්න, ජනාවාසකරණයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට උත්තේජනය ඇති කිරීමට වගේ ම ජනාවාසකරණයේ අභියෝග ජයගැනීම සඳහා අධිෂ්ඨානය ඇති කිරීම සඳහායි. ශ්‍රී ලංකාවේ පවත්වන්නේ මේ සියලු අරමුණු එකට කැටිකරගත් ලෝක ජනාවාස දිනයක්. ජාතික නිවාස ප්‍රතිපත්තිය මඟින් නිවාසකරණයේ ඉදිරි ගමනට ආලෝකයක් ලැබෙනවා. නාගරික ජනාවාස දරුවන් අධ්‍යාත්මිකව ඉහළට ඔසවනු ලබනවා. ඒ වගේ ම රටපුරා ජනාවාස සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේදී ලෝක ජනාවාස දිනය පුළුල් ලෙස “ජනාවාස හඬක් ජන සෙවණින් හෙටක් ” තේමාව යටතේ පැවැත්වෙනවා ” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජී.යූ. උපවංශ, ජන සෙවණ නිවාස ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පළන්සූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
NDH