නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගයෙන් දෙවැනියා පොලොන්නරුවෙන්

    සැප්තැම්බර් 28, 2014

    මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට පොලොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ එම්.එම්. මාලක නෙත්මාල් සිසුවා සමත් විය.


    මේ පිළිබඳ අදහස් දැක් වූ එම සිසුවා පැවසුවේ පන්තිභාර ගුරුතුමියගේ උපදෙස් අනුව පාසලේ දී කියා දුන් පාඩම්වලට අනුව ඒ විදිහට ම ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් බවයි. ඒ නිසා මම මේ ජයග්‍රහණය ලැබුවා යැයි ඔහු සඳහන් කළේය.

     

    පොලොන්නරුව නව නගරයේ උඩවෙල පාර, අංක 2/1 නිවසේ පදිංචිව සිටින මාලක සිසුවාගේ පියා එම්.එම්. ගයාන් චාමින්ද තිලකරත්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරයි. මව ඉරේෂා පද්මිණී මහත්මියයි.

    පසුගිය අගෝස්තු 17 වන දින පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 35,585 දෙනෙක් පෙනී සිටියහ.


    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya