නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 මුල් මාස 08දී පොල් කර්මාන්තයෙන් බිලියන 48ක්

    සැප්තැම්බර් 27, 2014

    2014  වර්ෂයේ  මුල් මාස  08  ඇතුළත  පොල්  කර්මාන්තයෙන් රුපියල්  බිලියන  48ක  මුදලක් උපයා ගෙන  ඇත. ඒ අනුව වසර අවසන් වන විට අපේක්ෂිත  ආදායම රුපියල් බිලියන 70 දක්වා වර්ධනය  කරන බව පොල්  සංවර්ධන  අධිකාරියේ සභාපති අරුණ  ගුණවර්ධන  මහතා ප‍්‍රකාශ කරයි. 

    මේ වන විට ලෝකයේ බොහෝ රටවලින් පොල් ආශ‍්‍රිත  නිමැවුම් සඳහා විශාල ඉල්ලුමක් පවතින බව ප‍්‍රකාශ  කළ සභාපතිවරයා පොල්  වතුර,  පොල් කටුව, පොල් මදය හා පොල් ලෙල්ල  ඇතුළු  එහි ඇති සෑම දෙයකින් ම විශාල  ප‍්‍රයෝජනයක්  ගත  හැකි බවත්,  ඒ පිළිබඳව ජනතාව  දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කරමින් පවතින බවත් ප‍්‍රකාශ  කළේය.


     චීනය,  ඇමරිකාව සහ බටහිර යුරෝපය  ඇතුළු රටවල් කීපයකට ම මෙරට පොල් ආශ‍්‍රිත  නිර්මාණ  සඳහා ඉතා විශාල  ඉල්ලුමක් ඇති බව ප‍්‍රකාශ  කළ සභාපතිවරයා ඉදිරි කෙටි කාලය  තුළ රුසියානු වෙළඳපොළ ජය ගැනීමට හැකි වන බව ප‍්‍රකාශ කළේය.


    පොල්  වතුර  ඉතා ශක්ති ජනක පානයක් බවත් විදේශ රටවලින් පොල්  වතුර  මිලදී  ගැනීමට විශාල ඉල්ලුමක් පවතින බවත් ප‍්‍රකාශ  කළ අරුණ  ගුණවර්ධන මහතා නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් විශේෂ බැංකු ණය ක‍්‍රමවේදයන් යටතේ ව්‍යාපාරයන් දියුණු කිරීමට ජනතාව දිරි ගැන්වීමේ වැඩසටහන් පෙළක් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු  සූදානම් කොට ඇතැයි  ද  ප‍්‍රකාශ  කළේය.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya