නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම අසරණ පවුලක් වෙත ජන සෙවණින් ඉදිකළ නිවසක් භාරදීම අද

    සැප්තැම්බර් 27, 2014

    “ජන සෙවණ සසුණෙන් සෙවණ”  වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැයකොට ගොඩගම, හෝමාගම පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස එම පවුලට භාරදීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙ.ව. 9.00ට හෝමාගම, ගොඩගම සමඟි මාවතේදී සිදුකෙරේ.

     

    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක“ ජනසෙවණ” නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව විහාරස්ථාන මූලික කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීමේ අරමුණෙන් සසුණෙන් සෙවණ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. අංග සම්පූර්ණ ව මෙම නිවස ඉදිකිරීම සඳහා සසුණෙන් සෙවණ නිවාස ආධාර මුදලට අමතරව ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය දායකත්වය හා ශ්‍රම දායකත්වය ද ලබාදී ඇත.

     

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, නිලධාරී මහත්ම මහත්මීන්,  ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya