“මහින්ද චින්තන ඉදිරි දැක්ම” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජනසෙවණ “නගමු පුරවර” මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදුකරනු ලැබ තිබේ.
1979 වර්ෂයේදී ආරම්භ කර ඇති සූරියමල්පුර මහල් නිවාස ව්‍යාපෘතිය ගොඩනැගිලි 3කින් සහ නිවාස 68කින් සමන්විත වේ. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 85ක පමණ මුදලක් වැය වී ඇත.
සියලු ගොඩනැගිලිවල වහල අලුත්වැඩියා කිරීම, අබලන් වූ වඩිම්බු ලෑලි වැහිපීලි, දිය බස්නා නළ පිළිසකර කිරීම, සියලු ගොඩනැගිලිවල පිටත බිත්ති හා තරප්පු පේළි වර්ණාලේප කිරීම, මළ නාළිකා පද්ධති, මනු වලවල් ප්‍රතිසංස්කරණය කිරීම හා අපජලය බැස යන කුඩා මනු වලවල් ප්‍රතිසංස්කරණය කිරීම, නිසි පරිදි කැළිකසල බැහැර කිරීමේ ක්‍රියාමාර්ග සැකසීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මෙම නිවාස සංකීර්ණයේ සිදුකර තිබේ.
මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා යන මහත්ම මහත්මීහු, නිලධාරීන් සහ නිවාසවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
HC