මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය, මාධ්‍යවේදියාගේ කාර්යභාරය, එහි නීතිමය පැතිකඩ හා අපරාධ හා ප්රචණ්ඩ ක්‍රියා වාර්තා කිරීමේදී ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කෙරෙන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ, සිළුමිණ පුවත්පතේ උපදේශක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කරුණාදාස සූරියාරච්චි, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන යන මහත්වරුන් විසින් මෙහි සම්පත් දායකත්වය සපයනු ඇත.
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි, ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කේ.ඩබ්.ටී.එන්. අමරතුංග යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතය.
NDH/WK_BG_dmu_polonnaruwa