2010/211 වර්ෂයන්හි දී ඔවුන් විසින් කුසලතා සහතිකයක් ලබා ගැනීමට සමත් වූ අතර අද දවසේ ඔවුන් ලද මෙම ඵලදායිතා සම්මානය විශිෂ්ට ජයග්‍රහණයකි. නුවරඑළිය ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රර් ජී.කේ.එම්. තරංගනී සුභාෂිණී කවිරාජ් මහත්මිය ප්‍රමුඛ එම අංශයේ සේවයේ නියුතු තිස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයේ මහත් පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඵලදායිතා සම්මානය ඔවුන්ට හිමිවිය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ නිසි ඇගයීම හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් හා රෙජිස්ට්‍රාර් අංශය ස්වකීය මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම ව සිදු කරන අතර විනාඩි 10ක් වැනි කෙටි කාලසීමාවක් තුළ විවාහ, උප්පැන්න සහ මරණ සහතිකපත් නිකුත් කිරීම සිදු කෙරේ. ඒ අනුව EMBD පරිගණක ව්‍යාපෘතිය යටතේ ස්වකීය වැඩ කටයුතු නව තාක්ෂණයත් සමඟ එක් කර ගැනීමට මොවුන් සමත් ව සිටින බව ද නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
NDH/SH-dmu nuwaraeliya