නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර පුරාවිද්‍යා කෞතුකාගාරය නව මුහුණුවරකින් සංරක්ෂණය වේ

    සැප්තැම්බර් 26, 2014


    වසර 200 පමණ පැරණි බි‍්‍රතාන්‍ය යුගයට අයත් ගොඩනැගිල්ලක ඉදිකර තිබූ අනුරාධපුරයේ පුරාවිද්‍යා පැරණි කෞතුකාගාරය සංරක්ෂණය කිරීම හා සංවර්ධන කටයුතු සිදු කිරීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මගින් පියවර ගෙන ඇත.


    අනුරාධපුර ප‍්‍රදේශයෙන් සොයා ගත් පුරා වස්තු රැසක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඉතා අබලන් ව තිබූ මෙම ගොඩනැගිල්ලෙහි සංරක්ෂණ කටයුතු යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි. දැනට සංරක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර, ඉන් පසුව මෙහි නැවුම් මුහුණුවරකින් අනුරාධපුර යුගයට අයත් පුරාවස්තු ඇතුළත් මැදිරි සහ අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තය පිළිබඳ මැදිරියක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම මැදිරි පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලබන අතර, රුපියල් මිලියන 60ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය වැය කර ඇත.


    ශී‍්‍ර ලංකාවේ ප්‍රෞඪ රාජධානියක් ව පැවති අනුරාධපුර යුගයේ තොරතුරු හා දැනුම දෙස් විදෙස් ජනතාවට මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය තුළින් ලබා ගත හැකි වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya