මෙම සමුළුව සඳහා ප‍්‍රංශය, එංගලන්තය, ස්විට්සර්ලන්තය, චීනය, මැලේසියාව යන රටවල මූල්‍ය කළමනාකරණ ආයතනවල නියෝජිතයන්, ආයෝජකයන් සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහභාගී වන අතර හෝටල් සහ සංචාරක, දේපොළ සංවර්ධනය, බලශක්ති ක්ෂේත‍්‍රය, රැකියා උත්පාදනය සඳහා නව දැනුම ලබාදීම, තොරතුරු තාක්‍ෂණය, අධ්‍යාපනය, ආහාර පිරිසැකසුම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, දියර කිරි නිෂ්පාදනය වැනි අංශයන්ගේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.
ඊයේ සහ අද (26) පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුග‍්‍රහය දක්වා ඇති අතර විදේශීය ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරණ ආයතන නියෝජිතයන් සමඟ ඍජුව සිය ආයෝජන ව්‍යාපෘති පිළිබඳ ව සාකච්ඡා කිරීමට දේශීය ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරික ආයතනවලට අවස්ථාව ලබාදී ඇත.
NDH