නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භික්ෂූන් වහන්සේලා පරමාදර්ශ සහිත ව සිතීමෙන් පරිපූර්ණ සංඝ සමාජයක් ගොඩනැගීමට හැකිවෙනවා

    සැප්තැම්බර් 24, 2014

    භික්ෂූන් වහන්සේලා ගිහි සමාජයට වඩා වෙනස් ආකාරයට පරමාදර්ශ සහිත ව සිතීමෙන් පරිපූර්ණ සංඝ සමාජයක් ගොඩනැගීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    ගාල්ල දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා නිපුණතා සහතිකපත් හා ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උණවටුන යටගල හෙට්ටාචර පිරිවෙනේ දී පසුගිය සඳුදා පැවැත්විණි.

     

    පසුගිය කාලය තුළ අප රටේ සංස්කෘතික අපගමනයක් සදාචාරාත්මක පිරිහීමක් සමඟ විශේෂයෙන් ම සැලසුම් සහගත ව සූක්ෂම ව සිදු වූ ක්‍රියාකාරකම් නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා විනාශ වූ බවත් 80, 90 දශකවල තරුණ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අවිහිංසාවාදී අපේ භික්ෂූන් වහන්සේලාගේ සිත් තුළ විජාතික බලවේග ක්‍රියාත්මක වීම හේතුවෙන් ගුරු හාමුදුරුවන් වහන්සේලා පවා ඝාතනය කිරීමට අද්‍යතන යුගයේ කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යතුමා බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය තුළදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ශාසනික හා චින්තන ශක්තිය, දර්ශනය, සාහිත්‍ය, විනය තුළින් ජාතියට මහා ප්‍රඥාවේ ආලෝකය දැල් වූ නිසා මෙවැනි අභාග්‍ය සිදුවීම් නො වූ බව ද ඔහු සඳහන් කළේය.

     

    තමන් හැදූ වැඩූ දෙමාපියන්ටත්, ජාතියටත්, ගුරුවරුන්ටත් ආලෝකයක් විය හැකි නව චින්තකයන්, පර්යේෂකයන්, ශාස්ත්‍රීය දැනුමැති පිරිසක් වීම පිරිවෙන් භික්ෂූන් වහන්සේලාගේ මහා ජාතික වගකීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya